CHAPTER 40

519 88 17
                                    

අද තමා වෙඩින් එක. ඒ නිසා කට්ටියම බරටම වැඩ. ජූන් වගේම යුංගිත් උදේම ලෑස්ති වෙලා Church එකට ගියේ එතන වැඩ බලන්න. එයාලා යනකොටත් Jeon couple එකයි Kim couple එකයි එතනට ඇවිල්ලා හිටියේ අමුත්තෝ පිලි ගන්න ඕන නිසා.

පවුල් වල අය, බිස්නස් partners ලා, එතකොට Media එකත් අද එතනට ඇවිල්ලා හිටියා. ව්‍යාපාර ලෝකේ බලවතුන් දෙදෙනකුගේ දරුවන් දෙන්නෙක් අද විවාහ වෙන එක මුලු කොරියාවෙම වගේම මුලු ව්‍යාපාර ලෝකයේම ප්‍රදාන මාතෘකාව උනා.

Wedding එක church එකේදි අරගෙන , party එක hotel එකක ගන්න තමයි plan කරලා තිබුනේ. Hotel එකට බිස්නස් partners ලා සහා පවුලේ අයට විතරයි යන්න පුලුවන් කම තිබුනේ. ඒ නිසා media එක church එකට ඇවිල්ලා හිටියා. Wedding එකට ගොඩක් අය එන නිසා ලොකු security එකක් දාලා තිබුනා.

ජූනුයි යුංගියි church එකේ security එක check කරලා එතන වැඩ බලනකොට කායි ජිනුයි දෙන්නා hotel එකට ගියේ එතන තියෙන වැඩ බලන්න.

Decorations , foods වගේම hotel security එක ගැන වගකීම බාර උනේ කායි ජින් දෙන්නාට. ඒ නිසා එයාලාත් උදේම එතන ගියේ එතන වැඩ බලලා ඉවර වෙලා ආපහු wedding එක පටන් ගන්න වෙලාවට church එකට යන්න ඕන නිසා.

එතකොට ටේකුක් ජෝඩුව ලෑස්ති කරන වගකීම බාරගත්තේ ජිමිනුයි හොබියි දෙන්නා.

ටේව ලෑස්ති කරන්න ජිමින් බාරගන්නකොට, හොබී Jungkook ව ලෑස්ති කරන්න බාර ගත්තා.

At Jungkook's room,

ටේ තෝරපු විදියට Jungkook black colour full suit එක ඇන්දා. වෙනදාට වඩා වෙනස් විදියට කොන්ඩේ හදලා තිබුන නිසා වගේම පොඩියට makeup ටිකක් දාලා තිබුන නිසා Jungkook වෙනදාට වඩා අද ගොඩාක් කඩවසම් විදියට පෙනුනා.

Hobi- woah........උබ අද පට්ට handsome කොල්ලෝ. ටේ විතරක් නෙවෙයි උබව දැකලා වටේ ඉන්න කෙල්ලොත් පිස්සු වැටෙයි අද. ටේගේ choice එකත් මරු උබේ වගේම. ලස්සනට ඇදුම තෝරලා තියෙනවා.

Jungkook- Thank you බන්. ටේගේ choices ඉතින් කොහොමත් මරු මගේ වගේම. ඒක නෙවෙයි බන් ,ඊයේ මන් උබට rings වල පොටෝ දැම්මේ , ඒ වෙලාවේ අනික් අය ඒක දැක්කාද?

Hobi- කායි දැක්කා. එයා විතරයි දැක්කෙ හැබැයි. ඊට පස්සේ තමා කායි ටේයි දෙන්නා rings වලට ගැලපෙන්න තමා dresses select කරලා තියෙන්නේ. කායි තමා මට කිව්වේ.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now