CHAPTER 74

410 63 54
                                    

ටේහ්‍යොන් , චෙහා දෙන්නාට ආඩන්න දීලා ආච්චි බලාගෙන හිටියේ ආදි බාගෙට කියපු කතාව සම්පූර්ණයෙන්ම කියලා ඉවර කරන්න......


පැය බාගෙකට විතර පස්සේ ආච්චි තමන්ගේ හඩ අවදි කරේ දැන් අනික් අයගේ ඇඩිල්ල අඩු නිසා.

ඒත් jungkook, එයා තාමත් නිහඩව ඉස්සරහා බලාගෙන ඉන්නවා.....


" ඒ දරුවා හරිම හොදයි..... හරිම කරුනාවන්ත අහිංසක දරුවෙක්. මහත්තයා දන්නවාද ? ඒ දරුවා මං ලගට ආවේ මීට අවුරුදු දෙකකට උඩදී.... දැක්ක පලවෙනි පාරම මගේ හිත ඒ අහිංසක ඇස් දෙක හොරකන් කරා. කොහොමද දරුවෙක් ඒ තරම් අහිංසක වෙන්නේ... මං මුලින්ම ඒ දරුවාගෙ මූන දකිද්දි පුදුම උනා. මං ඇහුවා එයා කොහොමද Jeon මහත්තයා වගේ උනේ කියලා.... මුලුන්ම ඒක කියන්න එයා අකැමති උන නිසා මං බල කරේ නෑ. ඒත් පස්සේ එයාම කිව්වා එයාට උන සම්පූර්ණ දේවල්. "

" මගේ පපුව පැලෙන්න ආවා මහත්තයෝ ඒ දරුවගෙ කතාව ඇහුවාම. කොහොමද දෙයියනේ දරුවෙක් එහෙම දරාගන්නේ. මංම පුදුම උනා.... තමන්ගේ අප්පාම තමන්ට දස වද දෙද්දී වෙනස්කම් කරද්දි , කොහොමද දරාගත්තේ ඒ කෙලි පැටියා...."

" හරි ශක්තිමත් දරුවෙක්.... පුදුම විදියට ඉවසුවා ඒ දරුවා.... "

" තමන්ගේ උන්නිව ඉස්කෝලෙන් හම්බෙලා උන්නී කියන හැම දේම එයා මට කිව්වා. හරි ආසාවෙන් එයා ඒ දේවල් කියනවා. ඒවා කියද්දි ඒ කෙල්ලගේ ඇස් දිලිසෙන විදිය.. හරි පුදුමයි මහත්තයෝ... කවමදාවත් ඒ දරුවාගේ ඇස් වල ඊරිඩියාවක් තිබ්බේ නෑ.... එයා සතුටු උනා විතරයි මං දැක්කේ..... "

" අප්පා ,පපා , මල්ලි එක්ක උන්නී ඇවිදින්න යනවා නම් ඒ යන්නේ කොහෙද කියලා අහගෙන එයා ඔයාලා යන දිහා ගියා.... එයාට යන්න පුලුවන් දුරක නම් යන්නේ , එයා කොහොම හරි යනවා නිවාඩු දාලා ඔයාලාව බලන්න. එයා හරි ආසයි ඒකට. දුර ඉදන් බලන් ඉදලා පොටෝ එහෙම අරගෙන තමා එයා ගෙදර එන්නේ... ඒ ඇවිල්ලා මට සේරම කියනවා උන දේවල්. එයාලා සතුටින් උන්න විදිය පොටෝ පෙන්න පෙන්න මට කියනවා. "

" එතකොට වත් මං ඒ ඇස් වල ඊරිසියාව දැක්කේ නෑ. කොච්චර දුකක් දැනුනා උනත් ඒ කෙල්ල ඒක හංගලා හරි ලස්සනට හිනා උනා..."

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now