CHAPTER 35

432 86 18
                                    

Jungkook ඇහැරුනේ කවුරු හරි තමන්ගේ කාමරේ දොරට තට්ටු කරන සද්දෙට. ඉක්මනට ඇදෙන් නැගිටලා ගිහිල්ලා ජංග්කුක් දොර ඇරියා. ඒ ඇවිල්ලා හිටියේ ජංග්කුක්ගේ ඔම්මා.

Jungkook- ඇයි ඔම්මා?

Mrs.Jeon- වෙලාව නවය හමාරයි පුතා. කන්න එන්න දැන්. මං කෑම ලෑස්ති කරලා තියෙන්නේ. අනිත් අයත් ඔයා එනකල් ඉන්නේ. ඉක්මනට ඇදුමක් දාගෙන පහලට එන්න කෑම කන්න.

Jungkook- හරි ඔම්මා. මං එන්නම්. යමු.

Mrs.Jeon- හරි ඉක්මනට එන්න.

එහෙම කියපු Mrs.Jeon පහලට ගියා. Jungkook ඉක්මනට ඇදුමක් දාගෙන කෑම කාමරේට ආවා.

ජංග්කුක් යනකොට හැමෝම කෑම මේසෙන්  ඉදගෙන හිටියා. ජංග්කුක් ගිහිල්ලා කෑම මේසේ ටේගේ එහා පැත්තෙන් ඉද ගත්තා.

Jungkook- කට්ටියම ඉක්මනට කන්න. වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.

Mr.Jeon- මොකක් ගැනද ජංග්කුක් ?

Jungkook- කෑම කෑවට පස්සේ කියන්නම් අප්පා.

Mr.Jeon- හ්ම්ම්ම්ම්. හොදයි පුතා.

සේරම අය කිසිම සද්දයක් නොකර කෑම කෑවා. වෙනදාට කෑම මේසෙ ඉදගත්තාම විහිලු කර කර කන අය අද කිසිම සද්දයක් නොකර කෑම කෑවා. කෑම මේසේ හැදි ගෑරුප්පු වල සද්දෙ විතරයි ඇහුනේ.

විනාඩි විස්සක් විතර යනකොට කට්ටියම කෑම කාලා ඉවර කරා.

Jungkook- හැමෝම සාලෙට එන්න.

එහෙම කියපු ජංග්කුක් කෑම මේසෙන් නැගිටලා ගියා.

සාලෙට ආව ජංග්කුක් කෙනෙක්ට කෝල් කරා.

Jk- ඉක්මනට ගේ ඇතුලට එන්න. මං සාලේ ඉන්නේ.

එහෙම කියපු ජංග්කුක් අනිත් පැත්තේන් ප්‍රතිචාරයක් එන්න කලින් කෝල් එක කට් කරා.

විනාඩි කීපයක් යනකොට හැමෝම වගේ සාලෙට ඇවිල්ලා හිටියා.

Mr.Jeon- මොනාද පුතාට කියන්න තියෙනවා කිව්වේ?

Jk-  ටිකක් ඉන්න අප්පා. මෙතනට තව කෙනෙක් අඩුයි.

Mr.Jeon- ඒත් මෙතන ඔක්කොම ඉන්නවානේ.

Jk- නැ අප්පා. ඕනම කෙනා නෑ.

ඒත් එතන

Tae, jimin, kai, yoongi ,hobi, jin, joon හැමෝම හිටියා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now