CHAPTER 6

689 114 26
                                    

At Jeon Maison,

Kook- ඔම්මා, මට මගේ බනානා මිල්ක් එක දෙන්නකො අනේ. දැන් මං කීයේ ඉදන්ද ඉල්ලන්නේ. කන්න ඉදගන්නකොටම කිව්වේ දෙන්න කියලා. තාම දුන්නෙ නෑ. මොනාද අප්පා කරන්නේ. ඉක්මනට දෙන්නකො.

කුක්කා ඔය විලාප තියෙන්නේ කොල්ලාගෙ ජාතික පානය ඉල්ලලා. මේකයි උනේ,

Flash back ,

අද ජින් ගෙදර හිටපු නිසා නිකමට කුක්කාගේ ජාතිය පානයෙන් සුට්ටක් බීලා බැලුවා. කොල්ලාට ඒක රහ වැටුනා. ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ උදේ ඉදන් බීලා දන්නෙම නැතුව ඔක්කොම ඉවර උනා. කුකියා කන්න යනකොටම බනානා මිල්ක් එක ඉල්ලනකොට තමා ජින්ව රත් උනේ. මොකද ජින් දන්නවා කුකියාගෙ ජාතික පානය නැති උනාම කුක්කා හැසිරෙන විඳිය. ඊට පස්සේ ජින් ඔම්මාට විස්තරේ කිව්වා.

Jin- ඔම්මා.....

Mrs.Jeon- ඇයි පුතා? මොනා හරි ඕනද? ඉක්මනට කියපන් බන්. අර යකාට බනානා මිල්ක් එක දෙන්න ඕනි. නැත්තං අපිව මරන් කයි. ඒ නිසා ඉක්මනට කියන්න. නැත්තං මං කුකීට අර කෙහෙල් කිරි එක දෙනකල් ඉන්නවද?  හදිස්සි නෑනේ.

Jin- ඒක තමා ඔම්මා , මේ මේ මම මේ ඔම්මා මම මේ, මේකයි මම මේ...

Mrs.Jeon- තටමන්නෙ නැතුව ඉක්මනට කියහම් යකෝ.

Jin- ඔම්මා මං මේ කුකීගෙ බනානා මිල්ක් එකෙන් බිව්වානෙ.

Mrs.Jeon- ඕක මොකද්ද මං ලොකු ජොග්ගු දෙකක් හදලා තිබ්බානෙ. ඒ නිසා ඉතින් ඕක ටිකක් බිව්වාම මොකුත් වෙන්නෙ නෑනෙ.

Jin- මේ... මේකයි ඔම්මා... මං ඔක්කොම ටික බිව්වානේ. අය නෑනේ.

Mrs.Jeon- දෙයියනේ අච්චර ගොඩාක් උබ තනියම බිව්වා? අනික කොයි වෙලේද බිව්වේ?

Jin- උදේ රහ බලන්න කියලා පොඩ්ඩක් කට ගාලා බැලුවා. ඉතින් මට රහ වැටුන නිසා මං ටිකෙන් ටික උදේ ඉදන් හවස් වෙනකල් බිව්වා. දන්නේම නැතුව ඔක්කොම ඉවර වෙලා. හීඊ..................

Mrs.Jeon- ඔය කරලා තියෙන්නේ වැඩක්. දැන් ඉතින් ඕක අර යස්ස පැටියා දැන ගත්තොත් වසලා හමාරයි. ඒ නිසා ඉක්මනට හදමු.

Flash back end..

දැන් Mrs.Jeon නුයි ජිනුයි පන දාගෙන බනානා මිල්ක් හදනවා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now