CHAPTER 72

312 59 48
                                    

කාලය හරිම වේගෙන් ගෙවිලා ගියා.......

මේ වෙද්දි උසස් පාසලෙ අවසාන විබාගයත් ඉවරයි.

ඒ වගේම අද තමා Results කියන දවස.

ඒකේ උත්සවය ලොකුවටම ලෑස්ති කරලා තිබ්බා......

Seoul වල තියෙන ලොකුම ඉස්කෝලේ graduate ceremony එක ලොකුවට නොතියා ඉදීවිද?

මුලු උසස් පෙල section එකේම ළමයි සහා එයාලගේ දෙමව්පියෝ අද ඉස්කෝලෙට ඇවිල්ලා හිටියා.

මුලු ප්‍රදාන ශාලාවම දෙමව්පිටන් ගෙන් හා දරුවන්ගෙන් පිරිලා තිබ්බා.......

තමන්ගේ දෙමව්පියෝ එක්ක ඉන්න ළමයි අද හරි සතුටින් ඉන්නවා.

ඉතින් පැත්තක ඉදපු චූටි දැක්කා තමන්ගේ පපාව, චූටි මල්ලිව වගේම ලොකූව. එයාලා ඉදන් උන්න තැන තිබ්බ එක පුටුවක් හිස් වෙලා තිබ්බ්බා.

ඔව් ඒ Jungkook ගේ පුටුව.

Jungkook තාම ඇවිල්ලා හිටියේ නෑ.

ආදි හිටියේ ටේහ්‍යොන් ලාට ටිකක් පිටිපස්සෙන් නිසා ටේහ්‍යොන්ගේ එයාව දැක්කේ  නම් නෑ..

ටේ මේ අවුරුදු දෙකට චූටිව කීප වතාවක් දැකලා තිබ්බා. හැබැයි මාස්ක් එක නිසා ඒ ඇස් විතරයි ටේ දැකලා තියෙන්නෙ.

පාසලේ වාර අවසාන දෙමව්පිය රැස්වීමට එන හැම පාරම ටේ ආදිව දැක්කා.

හැම ළමයෙක්ම තමන්ගේ දෙමව්පියෝ එක්ක පංති රැස්වීමේ ඉදගෙන ඉද්දි චූටී විතරක් පංතියේ පිටිපස්සෙන්ම හිටියේ අනාථයෙක් වගේ.......

ඒ හැම පාරම ඒක ටේව රිද්දුවත් ටේට කවමදාවත් චූටී එක්ක වචනයක් වත් කතා කරන්න බැරි උනා.....















ගොඩාක් ළමයිගේ results එක්ක සහතිකේ ලබාගත්තාත් තාම ලොකූටවත් චූටිටවත් තමන්ගේ සහතිකය හම්බවුනේ නෑ.......

මෙච්චර වෙලා ගිහිල්ලා තිබ්බාත් jungkook තාම ඇවිල්ලා හිටියේ නෑ. ඒක ටේවත්, ලොකුවත්, හොදටම කලබල කරලා තිබ්බා.

ටේයි ලොකුයි වට පිට බල බල jungkook එනවාද කියලා බැලුවත් jungkook ගේ සේයාවක්වත් තිබ්බේ නෑ.









Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now