CHAPTER 18

674 109 37
                                    

In  the morning,

ඉර එළිය ටේගේ මූනට වැටුන නිසා ටේට ඇහැරුනා. තමන්ව කවුරු හරි තදට තුරුල් කරගෙන ඉන්නවා  දැනුන නිසා ටේ ඒ කවුද කියලා බලන්න අනිත් පැත්තට හැරුනා. ඒ ඉන්න කෙනා කවුද කියලා දැක්කාම පස්සේ ටේ බය උනත්, ඊයේ රෑ වෙච්චි දේවල් මතක් උන නිසා ඒ බය නැති උනා. ටේට ලාවට හිනාවක් ගියේ ඊයේ රෑ වෙච්චි දේවල් මතක් උන නිසා.

ටේ Jungkook ගේ මූන දිහා බලාගෙන , ඒ මූනේ හැම දේම, හැම තැනම හොදට අද්‍යනය  කරා. ටේට නොදැනීම එයාගේ අත jungkook ගේ කම්මුලක් අල්ලගෙන හිමීට පිරිමදින්න ගත්තා.

" Hyung නිදාගෙන ඉන්නකොට නම් හරිම අහින්සකයි. නිකන් හාවෙක් වගේ. හරිම හුරුබුහුටියි. හැබැයි hyungie ගොඩාක් කඩවසම්. ඒකනේ මුලු කොලේජ් එකම ඔයා පස්සෙන් එන්නේ. හැබැයි ඔයා හරි නපුරුයි hyungie. ඔයා මූඩ් වෙනස් කරන්නේ නිකන් pregnant උන කෙනෙක් වගේ. මාත් එක්ක කොච්චර හොදට හිටියත්, ටික වෙලාවකට පස්සේ ආයෙමත් මට බයිනෝනේ. ඊයේ මොනා උනත්. ඔයා මොන විදියට හැසිරුනත, අද කොලේජ් එකේදී මාව මුලු හෝල් එක ඉස්සරහාම ලැජ්ජා කරයි. ඔයාව තේරුම් ගන්න අමාරුයි නෙවෙයි තේරුම් ගන්න බෑ hyung. "

Jungkook ගේ මූන අත ගාන ගමන් ටේ හිතින් හිතුවා.

Jk- අහ්හ්ම්ම්ම්................

Jungkook උගුර පාදන සද්දෙට තමා ටේ පියවි සිහියට ආවේ.

Jk- මං දන්නවා මං handsome කියලා. ඒත් ඔහොම බලන් ඉන්න එපා. මට ලැජ්ජායි.

ටේව ආපහු රතු උනා.

Tae- වැඩේමයි බලන්න. අනික කවුද කිව්වේ ඔයා handsome කියලා. මගේ ටැනීත් ඔයාට ව්ඩා handsome. අනික hyung ඔයාගේ ලැජ්ජාව ගැන කතා කරන්න එපා. ඔයාට එහෙම එකක් ඇති කියලා මං හිතන්නේ නෑ.

Jk- මොකාද ටැනී කියන්නේ?

Jungkook විහිලු කරන එක නවත්තලා serious විදියට හඩ ගැඹුරු කරලා ඇහුවා. ඒ කටහඩ නිසා ටේට නිකන් අකුනක් වැදුණා වගේ උනා.

Tae- ඒ.. ඒ..  මේ.. මගේ බලු පැටියා.

Jk- මොකා....ක්. තමුන් මාව බල්ලෙක් එක්ක සන්සන්දනය කරාද ඒ පාර. ආයිශ් ඉන්නවාකෝ ඔහේට මං පෙන්නන්න කවුද handsome කියලා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now