මම වෙනස් කතාවක් ලියන්න හිතුවා. මේක werewolf ශානරයේ කතාවක්. මම එහෙම කතා ගොඩක් කියවලා තියෙන නිසා එහෙම එකක් ලියන්න ආසා හිතුනා. මේක කතාවක්. ගොතපු එකක්. අභව්‍ය සිදුවීම් ඇති. Fantasy පැත්තට බර වෙන්න පුළුවන්.
කතාව ගැන ලොකු දෙයක් කියන්නේ නෑ මම. මේක කුතුහලය පිරුණු එකක් විදියට ලියන්නයි මගේ බලාපොරොත්තුව.
කතාවේ ප්‍රධාන චරිත දෙකම ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක්. කතාව ගෙතෙන්නේ ලෝකය පුරා විහිදිලා ඉන්න ඉතා දක්ෂ ඇල්ෆා සිසුන් බඳවාගන්නා ලේසියෙන් ඇතුලත් වෙන්න අමාරු උසස් පාසලක් ගැන. හරියට ඔක්ස්ෆර්ඩ් වගේ විශ්ව විද්‍යාලයක්. මේකේ ඉගෙන ගන්න ලැබෙන්නේ දක්ෂයන්ගෙත් දක්ෂයන්ට පමණයි. ඉතින් ලේසි නෑ මේකේ එක්සෑම්ස් වලින් පාස් වෙන්න. අමුතු විභාග තියෙන්නේ. හරිම අමාරු දේවල් තමා පාස් වෙන්න එයාලට කරන්න ලැබෙන්නේ. කායික මානසික ශක්තිය හුඟාක් වැදගත් වෙනවා ඇකඩමි එකේ සිසුන්ට.
ඇල්ෆා කෙනෙක්ගේ වෘකයා කියන්නේ මනුෂ්‍ය ඇල්ෆා වේශයට වඩා ප්‍රභල කෙනෙක්. කතාවේ කියවෙන්නේ මනුෂ්‍ය ඇල්ෆාව ප්‍රභල කරන හැටි. වෘක වේෂයට හැරෙන අවස්ථා අඩුයි ඒ නිසා.
සාමාන්‍ය අනික් werewolf කතාවල තියෙන ඔමෙගා බීටා සිග්මා වගේ චරිත ගැන ලොකුවට කතා වෙන්නේ නෑ. මේකේ male pregnancy තියෙනවා werewolf කතාවක් නිසා. හැබැයි ඒක තියෙන්නේ කතාවේ ගොඩක් දුර ගියාට පස්සේ. මේක වට්ටෝරු කතාවක් නෙවේ. හැපි එන්ඩින් එකක් නම් තියෙනවා.
මම සිංහල නම් දාලා තමා මෙතුවක් කල් මගේ yizhan කතා කීපය ලිව්වේ. නමුත් මේ කතාව alternate universe එකක වෙන නිසා මම වන්ග් යිබෝ සහ ෂියාඕ ජාන් ලෙස නම් පාවිච්චි කරනවා. පහළින් මම දානවා චරිත දෙකේ කෙටි හැඳින්වීමක්.
එහෙනම් විශේෂ ඇල්ෆා පාසල හෙවත් ඇල්ෆා ඇකඩමි එකත් එක්ක කැම්පස් ක්‍රශ් ඉවර වුනාට පස්සේ හමුවෙමු. කැමති අය ලයිබ්‍රරි එකට ඇඩ් කරලා තියාගන්න. තව කොටස් කීපයකින් කැම්පස් ක්‍රශ් ඉවරයි. ඉතින් ඒ නිසා මැයි මාසේ අග වෙන්න කලින් මේක ඩේලි දෙන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් ඔන්ගොයින් එකතු වෙන්න. එතකොට තමා මටත් ලියන්න ආස හිතෙන්නේ.
YOU ARE READING
Alpha Academy (Yizhan)✅
Fanfictionලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023