🔥හැටඑක්වන සඳ🔥

1.7K 345 336
                                    

මම අර කිට් එක පපුවට තද කරන් එහෙමම හිටියා...ලුසිෆර් මට දීපු විනාඩි දහය අන්තිම විනාඩි පහට එනකොටත් මම එහෙමම හිටියේ ඩේමියන් නිසා මාවත් අඳුරු මායා ලෝකේ හිරවේදෝ කියලා පසුතැවෙමින්...

ලුසිෆර් මට මේ වගේ ඇඳුමක් අඳින්න කිව්වේ නිකම්ම වෙන්න බෑ...සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකට පස්සේ වෙන්නේ මොකක් වගේ දෙයක්ද කියන එක මට හිතාගන්න අමාරු නැහැ...ඒ වුනත් අද ලුසිෆර් ලෑස්ති වෙන්නේ එහෙම එහෙකට නෙවේ කියලමයි මට හිතෙන්නේ.....කොල්ලෙක්ට තවත් කොල්ලෙක්ව තේරුම් ගන්න මෙච්චරටම අමාරුද?....

මන් අමාරුවෙන් අවසාන තීරණයක් ගත්තා...හොඳ හුස්මක් අරන් දොරෙන් එලියට බැස්සා....එයා දීපු ඇඳුම තාමත් මම පපුවට තුරුලු කරගෙන...මට මොන වගේ පනිශ්මන්ට් එකක් දුන්නත් එයා මාව මරන්නේ නෑනේ....ඉතින් මට කරන්න බැරි දේ බෑමයි....

එයා හිටියේ කලිසම් සාක්කු වලට අත්දාගෙන පූල් එක දිහා බලාගෙන...එයාගේ ඒ ඉරියව්වට මම මාරම ආස වුනත් අද ඒක මට ඇති කලේ තිගැස්මක්....මම ඔෆිස් රූම් එකෙන් එලියට ආවා කියලා එයාට දැනෙන්න ඇති....ඒත් එයා මා දිහාවට හැරුනේ නෑ...

"ඇල්ෆා..මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...ඉස්සෙල්ලා ඔයා මට චාන්ස් එකක් දුන්නේ නෑ කටක් හොල්ලන්න...මට..මට ඔය කියන එරික්ගේ අයියාව මුණ ගැහුන බව ඇත්තක්...මම දැනන් හිටියේ නෑ ඒ එයා කියලා...මම හිතලා වුන දෙයක් නෙවේ ඒක...මේ අහන්න....එදා ඔයා ඇහැරෙන්න කලින් මම ගෙදරින් එලියට ගියා...ඔයාව ඇහැරවන්න මට ලෝභ හිතුනා ලුසිෆර්...දොරෙන් එලියට බහින්න පෙලඹවෙන තරමට මට අඹ කන්න දොලදුකක් ආවා...ඔයා මට කලින් දවසේ කන්න දීපු අඹනේ ඒ...මම අඹ යායට දුවලා ගියා ලුසිෆර්....ඒත් ඒක මායාවක්...මට ඒක තේරුනේම නෑ...මාව ඒකට අහු වුනා..ඒ අතර මගේ ඇගිල්ලක් ගහක අත්තක පැටලිලා ඔයා මට දාපු මුද්ද ගැලවුනා....මට ඒක හොයාගන්න බැරිවුනා...මට සමාවෙන්න ඇල්ෆා...ඒක හිතලා වුන දෙයක් නෙවේ...ඒකෙන් මට ලොකු වේදනාවක් ඇතිවුනා...ඔයා මගේ ඇගිල්ලේ මුද්ද නැති බව දැක්කා කියන එක මන් දන්නවා ඇල්ෆා...ඔයා මට තාම ඒ ගැන කියලා බැන්නේ නැති එක...සුදුසු දඬුවමක් දීපු නැති එක ගැන මට පුදුමයි.....මන්ම ඔයාට මේක ගැන කියන්න හිතුවා...ඔයා මන් ගැන හුගාක් දේවල් කලින් ඉඳන්ම දැනන් ඉඳපු බව මට දැන් තේරෙනවා.....මම ඒ එකක්වත් ඔයාව රවටන්න බලාගෙන ඔයාගෙන් හංගපුවා නෙවේ වුනත් මන් ඒවා ඔයාට කීවේ නැති දේවල් තමා...ඒ වරද මම හිස්මුදුනින් පිලිගන්නවා මගේ ඇල්ෆා....ඩ්‍රෝනා කියන මායාකාරිව මන් විශ්වාස කලේ මම ඒ වෙනකොට දරුවෙක් පිලිසිඳගන්න මට හැකියාවක් ඇතැයි කියන එක ගැන බිංදුවක්වත් විශ්වාස නොකරපු නිසා මිසක් ඔයාගේ උරුමක්කාරයෙක්ව නැති කරලා දාන්න උවමනා වුන නිසා නෙවේ....මාව විශ්වාස කරන්න ලුසිෆර්..."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now