🔥හැටහත්වන සඳ🔥

2.1K 361 527
                                    

ලුසිෆර්ව ලිස්සලා ආවා ටීක් බෝල ටික පෑගිලා....ඒක බල බල මන් බඩ අල්ලන් හිනාවෙද්දී ඩෝන් ගාලා ඇඳට පැන්නා කියන්නකෝ මේ මිනිහා මාව අල්ලගන්න...එයාට මගේ නැට්ටවත් අහුවුනේ නෑ....

ඒත්....

බරාස්!....

ඇඳ සර බරාස් කියලා බිමට පතබෑවෙනකොටම ලුසිෆර් මාව එයාගේ ඇඟ උඩට පරිස්සමෙන් ඇදලා ගත්තා මට කරදරයක් වෙයි කියලා...අපි දෙන්නම කොට්ට පුළුන් වලින් නෑවිලා....

ඩබලටම මාර හිනා...එයා මාව උස්සලා ඔඩොක්කුවෙන් හරි පරිස්සමට තියාගෙන බිත්තියට හේත්තු වුනා...ඇඳ විට්ටමක් කියලා දෙයකුත් ඉතුරු වුනේ නෑනේ....එයාට මාව බරයිදත් මන්දා..කලින් මට ඇනුම් පද කිව්වනේ පිටි බෝලයා කියලා....

එලකිරි ස්ට්‍රෝන්ග් හස්බන්ඩ් කෙනෙක් හිටපු නිසා හොඳට ගියා නැත්තම් රන්දුල වගේ එකෙක් හිටියා නම් ඌ මට යටවෙලා හුස්ම හිරවෙලා මෙතනම මැරෙනවා....දැන් නම් මම ලුසිෆර්ට ටොප් වුනා ඈ....නෑ කියන්නෙපා ඕං...

අම්මෝ ලුසිෆර්ගේ ඔඩොක්කුව කියන්නේ දේවාලයක්.... ඒ පපුවේ හේත්තුවක් දාගෙන ඉන්න ලැබෙනවා කියන්නේ තනිකරම දිව්‍ය සැපක්...ඒසී තියෙන කාමරේ අපි දෙන්නා පාන්දර වෙනකම් නටපු නැටිල්ලේ හැටියටයි ඇඳුම්වල ඝනකමටයි අපි දෙන්නම හිටියේ දාඩියෙන් නෑවිලා....

මන් මේ කල්පනා කලේ අපි දෙන්නා බෙඩෲම් එකේ මොන ඇක්ටිවිටිය කලත් හතිදාලා දාඩිය දාගෙන නතර වෙන හැටි....

"උබට අද හොඳටම ට්‍රැක් පැනලා බන්...අඬන ජානූගෙන් කොමඩි ජානූ වෙන්න හිතුනේ මොකෝ?...."

ලුසිෆර් හිනාවෙවී මගේ නලලට වැටිලා දාඩියෙන් තෙත් වුන කෙස් රොදක් අයින් කරන ගමන් කිව්වේ රහසින් වගේ කොඳුරමින්....මට කිචි කිචි එයා එහෙම කතා කරනකොට....

මන් එයා මගේ කොන්ඩේ අල්ලපු අත අරගෙන තද කරලා අල්ලගෙන ඉඹගෙන ඉඹගෙන ගියා...ලුසිෆර් එක්ක තරහා වෙලා ඉන්න මට බෑ හුගක් වෙලා...කලිනුත් තරහයි වගේ රඟපෑවට මගේ තරහා නිමිලා හුගාක් කල්...

මට ආස හිතුනා දඟ වැඩ කරන්න....ඉස්සර කාලේ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න....ට්‍රැක් පැනගෙන වැඩ කලත් පොඩි පැටියාගේ සේෆ්ටිය අමතක කලේ නෑ මන්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now