🔥හැත්තෑහතරවන සඳ🔥

1.8K 363 423
                                    

ආ ද ර ය...

ඇතුවත් බැරි නැතුවත් බැරි අකුරු හතරක්..වචනයක්...හිත සැහැල්ලු කරන්න වගේම හිත බර කරන්නත් හැකි වචනයක්...උමතු කරවන වචනයක්...

ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති කරන්නත් එහෙම ඉන්න තියෙන එකම එක බලාපොරොත්තුවක් නැති කරලා දාන්නත් ඒ වචනවලට පුළුවන්....

ආදරය ඇති වුනාම කෙනෙක්ට හිතින් බැඳුනාම ඒ කෙනාව අමතක කරන්න හෝ ඒ බැඳීම නැතුව ජීවිතේ ගෙවන එක අමාරු වෙන්න පුළුවන්..කරන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්...හරිම අරුම පුදුම හැඟීමක් තමා ආදරය කියන්නේ...කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්නත් මැරෙන්නත් ඒ හැඟීම නිසා පුළුවන්....

මම ඔයාට ආදරෙයි කියන තරම් ලේසියට ඒක ආයේ වෙනස් කරලා මම ඔයාට ආදරේ නැහැ කියන්න බෑ...හිතක් බැඳෙන වේගෙට ලිහෙන්නේ නෑ...ඒත් බිඳෙනවා....හිතක් බැඳෙන්න කාලයක් යන්න හැකියි....නමුත් බිඳෙන්න තත්පර ගානක් වුනත් ඇති....

හිතක් ආදරෙන් වෙලෙද්දී අපි ඒ ආදරේට ආදරෙයි...අපිට සතුටුයි..ඒ ආදරේම අපිව දාලා යනකොට අපිට වේදනයි..දුකයි...හේතුව මොන තරම් සාධාරණ වුනත්....ආදරේට අපි ලෝභයි...අපේ කරගන්න ආසයි...වෙන කෙනෙක් ඒ දිහා බලනවටවත් අකමැතියි...ඊරිසියයි අපි....

එක්කෙනෙක් ආදරේ නාමෙන් අලුත් බැඳීමකින් ජීවිතේ එලිය කරන්න හදනකොට තවත් කෙනෙක් ඒ ආදරේ නාමෙන් කැපකිරීමක් කියලා දාලා යන්න හදනවා...ඒ දෙන්නා දෙන්නෙක් නම්....දෙවිදිහක් නම් අපි මොකද කරන්නේ?....ආදරේට මුහුණුවර හුගාක් තියෙනවා....

දෙන්නවම ඕන කෙනා කොහොමහරි එක්කෙනෙක් අත් හරින්න හිත හදාගන්න ඕන කියලා දාර්ශනිකයෝ කියාවි....ඒත් එහෙම කරන්න වෙන කෙනාට හිතක් නැද්ද?...ජීවිතේ පරීක්ෂාවක් වෙන්නේ ඇයි?....

කොල්ලෙක් කියන්නේ ගත වගේම හිත හයිය කෙනෙක්...අඬලා කඳුලු හලන එක කෙල්ලෙක්ට ගැලපුනත් ඇයි කොල්ලෙක්ට නොගැලපෙන්නේ...පිරිමිකම කඳුලු වලට බයයිද...

රජෙක්ගේ ඇස්වලින් කලාතුරකින් වැටෙන කඳුලකට හිමි වටිනාකමක් රැජිණකගේ කඳුලුවලට නැද්ද...දුක හිතෙන්න අඬන්න ගෑණු පිරිමි භේදයක් මොටද හැමදේම සමානාත්මතාව මත පදනම් වෙන්න ඕන කියලා කෑගහන ලෝකෙක...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now