🔥හැත්තෑඅටවන සඳ🔥

1.7K 339 348
                                    

කලින් කොටස ඒ කියන්නේ චැපියක් නොවෙන චැපිය කියවලා එන්න...නැත්තම් සමහරු කන්පියුස් වෙන්න පුලුවන්...

වසර පහකට පෙරාතුව

මම යීෂූන් එක්ක වුල්ෆ් ෆෝම් එකට මාරුවෙලා දුවලා දුවලා ගියේ සඳ දෙව්දුවගේ අඩවිය හොයාගෙන...

එයාට බෑ මට මෙහෙම කරන්න...මගේ ලුසිෆර්ව අකාලයේ උදුරගන්න කොහෙත්ම බෑ...මට විශ්වාසයි මගේ කින්ග් පොරොන්දු කඩන්නේ නැහැ කියලා...එයා මාවයි පුතාවයි දාලා යන්නේ නැහැ කියලා කිව්වා නම් යන්නෙ නෑමයි....

උත්තරයක් හොයන්න ලුසිෆර් පහුගිය කාලේ මහන්සි වෙනකොට මමත් නිකම්ම උඩ බලන් හිටියේ නෑ....මාත් පොත් පත් කියවලා උත්තර හෙව්වා...මට එයාට යන්න දෙන්න බෑ...අවුරුදු සීයකට පස්සේ යන්න හිටපු එයා අද මෙහෙම අවුරුදු දහ නමය ලබන්නත් කලින්ම ඉක්මනටම මාව දාලා යන්න හදනකොට අඬලා එයාට සමුදෙන්න මට බෑ...කීයටවත් බෑ.....

ලුසිෆර් මගේ...එයා මගේ විතරමයි...මම එයාව නවත්තගන්නවාමයි අපේ ආදරේ නාමෙන්! අද තරම් ධනාත්මකව හිතපු දවසක් මගේ ජීවිතේ නැති තරම්....

බලාපොරොත්තුවකුයි හිත පිරෙන ආදරේකුයි විතරක් තියාගෙන නොදරුවාවත් අරන් මම අපේ ඉතිහාස පොතක  ලියවිලා තිබුන ජීවිතේට පය නොතියපු ඇහින් නොදැකපු අඩවියක් කරා යනවා...හිතට බයයි...සැකයි....ඒත් කරන්නම අවශ්‍යයි....

ෆීනික්ස් මට වඩා ශක්තිමත් වෙලා...මොකද එයයි මට කලින් ලුසිෆර්ට බැඳුනේ...දාහක් සිතුවිලි මැද මම හිතේ අනුමානෙන් ඇකඩමියෙන් එලියට දුවගෙන දුවගෙන ගියේ මට සමාන්තරව යීෂූත් හරි හරියට දුවද්දී...

පොඩ්ඩා මම හිතනවට වඩා දක්ෂයෙක්...එයා වේගෙන් දුවනවා...එයා ඇත්තටම ටෲ බ්ලඩ් කෙනෙක්...එයා ගැන ආඩම්බර වෙන්නවත් මට හිතක් නෑ මෙවෙලේ....

අපි වන දුර්ග ගිරි දුර්ග අස්සෙන් සැතපුම් ගානක් දිව්වා...මම යන්නේ මම කටපාඩමින්  මතක තියන් හිටපු පාරක...කැලෑවක් මැදින් වැටුන පාරක.....

අසරණ වෙන අය තමන්ට තියෙන අන්තිම තුරුම්පුව ගැන හිතලා හිත හයිය කරගෙන ඒකට වෙහෙසෙනවා...මාත් කරන්නේ ඒකමයි දැන්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now