🔥දහතුන්වන සඳ🔥

1.9K 425 355
                                    

ඇල්ෆා ෂූයෑන්ග් කියපු කතාව අහලා මාව වෙනම ලෝකෙකට ගියා වගේ වුනා...මායි යිබෝයි මේට්ස්ලා කියන එක පිලි අරන් හිත හදාගන්න යනකොටම මෙයා තව බෝම්බයක් පත බෑවනේ...

"මට එයාව මැරි කරන්න බෑ එහෙම...අපි හරියට අඳුනගෙනවත් නෑනේ...ඇයි මේ හදිසි?..."

මන් කන් කෙඳිරි ගෑවේ ඇත්තටම එයාව බඳින්න මට බැරි නිසා...තව තවත් කින්ග්ට බැඳෙන එක විතරයි ඒකෙන් වෙන්නේ...බැඳෙන තරම් ලේසි නෑ ලිහාගන්න ගියාම....ආදරයක් නැති බැඳීමකින් වැඩක් නෑ....

"හදිසි වෙන්න හේතුවක් තියෙනවා...ඇයි ඔයා පස්ස ගහන්නේ?...ඔයා කින්ග්ව රිජෙක්ට් කරන මෝඩ වැඩේ නම් කරන්න එපා ජාන්...ඒක ඔයාගේ ජීවිතේට අනතුරක්...අනික කින්ග් ටෲ බ්ලඩ් කෙනෙක්...ඉතින් මේට් බොන්ඩ් එක රිජෙක්ට් කලොත් ඔයාට සෑහෙන දුකක් විඳින්න වෙනවා..."

ෂූයෑන්ග් දැඩි ස්වරයකින් මට කීවේ තියුණුව මා දිහා බලන ගමන්....එයා කියන්නේ ඇත්ත...ඒත් රත්‍රන් පිහිය කියලා ඇනගන්න මට බෑ ...

"ඒක මන් දන්නවා ඇල්ෆා ෂූයෑන්ග්...ඒත් මට කල් ඕන...මන් එයාව රිජෙක්ට් කරන්නේ නැහැ...ඒ වුනත් එයාව කසාද බඳින්න මට බෑ ....මේ හදිසියේ නම් කොහෙත්ම බෑ....ඉක්මන් තීරණ එච්චර හොඳ නැහැ....."

"බෑ කියලා බෑ ජාන්...මේක මන් ඔයාගෙන් කරන ඉල්ලීමක් නෙවේ...ඇල්ෆා කින්ග් වයස සම්පූර්ණ කරන කොට ඔයා එයාව කසාද බැඳලා ඉන්න ඕන මේට් නිසා...ඔයා දන්නවනේ වෙයාර්වුල්ෆ් චාරිත්‍ර ගැන...ඒ වගේම එදාම එයා ඔයාව මාර්ක් කරන්නත් අවශ්‍යයි....නැතුව ඔයාලට මේට් බොන්ඩ් එක සම්පුර්ණ කරන්න බෑ...ඊට පස්සේ වෙන්න ඕන මොකක්ද කියලා මන් කියන්න ඕන නෑනේ..."

එයා කලකිරීමකින් වගේ ගිහින් පුටුවෙන් වාඩිවුනේ මටත් වාඩිවෙන්න ඉඟි කරන ගමන්...වහෙන් ඔරෝ එයා කියන දේ තේරෙන නිසයි මන් බෑ කිව්වේ...ඊයේ ඔෆිස් රූම් එක ඇතුල වුන දේ මට මතකයිනේ...මොහොතක මරන් කන්න හදනවා ඊටත් පස්සේ ආදරේ කරන්න හදනවා...බයෙන් ජීවිත් වෙන්න මට බෑ...කවුද දන්නේ දැන් හොඳට ඉන්න කින්ග් ඊලඟ මොහොතේ මාව මරලම දායිද කියලා.....

"ඇල්ෆා ෂූයෑන්ග් මම ඔයාට හුඟාක් ගරු කරනවා...මාත් ඇල්ෆා කෙනෙක්...ඔයා දන්නවනේ අපේ වුල්ෆ් තව කෙනෙක්ට සබ්මිට් වෙන්නේ නෑ කියලා ලේසියෙන්...මගේ හිතේ කින්ග්ට ආකර්ශනයක් තිබ්බත් දුර දිග යන සම්බන්ධයකට ඒක මදි...අනික මම එයාට බයයි...තමන්ගේ මේට්ට බය වෙලා ඉන්න මන් කැමති නෑ...ඒක මනසට ලොකු පීඩනයක්..."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now