🔥හයවන සඳ🔥

2.2K 426 376
                                    

මම ආපහු තරඟ බිම පැත්තට යනකොට හිත එකඟ කරගන්න අවශ්‍ය වුන නිසා අර ගෑණු හඬ අමතක කරලා දැම්මා....මගේ හිතලුවක් නොවුනත් මේ වෙලාවේ නොහිතිය යුතු දෙයක් තමයි ඒ පිස්සු හඬ....

ඔක්කොම මුල් තරඟකාරයෝ ටික තරඟ වැදිලා ඉවර වුන ගමන් මැක්ස් මාව දැක්කා....මට ඉන්න එකම යාළුවා...කොහොම හරි එයාවත් ඇල්ෆා බින්ගේ කණ්ඩායමට ඒ කියන්නේ මන් හිටපු ගෲප් එකටම වැටිලා තිබ්බා...මන් එයාට අත වැනුවා හිනාවක් දෙන ගමන්....

මන් යටි හිතින් පැතුවෙම මට එයා එක්ක නම් ෆයිට් කරන්න ලැබෙන්න එපා කියලමයි....එයා මාව දැකලා හිනාවක් දීලා ඇහිබැමක් උඩ දැම්මා....මහ වැඩ්ඩෙක් කියලා හිතන් ඉන්නවා ඇති මැක්සා...මැක්සා නෙවේ ඕකට නම දාන්න තිබ්බේ මැස්සා කියලා...ඒත් ඇඟේ සයිස් එක දැක්කාම ඌට එහෙම කියන්න බෑ කටක් ඇරලා...මැක්ස් තඩියා....මන් තරමට උස වුනත් මට වඩා මහතයි....

මගේ වාසනාවේ තරම කොච්චරද කියනවා නම් මට මැක්ස් එක්ක ෆයිට් කරන්න හම්බුනේ නෑ...ඒත් අපි අතර හිටපු උස මහතම ඇල්ෆාව සෙට් වුනා...මන් හිතන්නේ ඒකා අඩි හයයි අඟල් පහක්වත් උස ඇති...අම්මෝ මේ යකා බීස්ට් කෙනෙක් වගේනේ...ඔච්චර උස මහතට ඉඳලා ලස්සනට ඉන්නේ එකම එක්කෙනයි....යකූ මොනාද මන් මේ හිතන්නේ මේ තරඟේ අස්සේ...මේ මන් එහෙම දෙයක් හිතුවේ නෑ හරිද???...ඇල්ෆා කින්ග් මගේ ඔලුව අවුල් කරනවා හොඳටම...

තරඟය පටන් ගන්න ඇල්ෆා බින් විධානය දුන්න ගමන් මන් හිතට දහිරිය අරන් ඉස්සරහට ගිහින් මගේ ප්‍රතිවාදියාගේ නිකටට දැවැන්ත පහරක් එල්ල කලා උපක්‍රමශීලීව...ඌ කෙහෙල් කඳක් ගානට බිම වැටුනේ මගේ පහර ඌ කලින් ගනනය කරලා නොතිබුන නිසා..ප්‍රතිවාදියා අවතක්සේරු කරන ලොකු වරද මෙයත් කලා එහෙනම්...

ඊලඟ තරඟ කිහිපය මන් පහසුවෙන් ජයගත්තත් මන් හිටියේ වෙහෙස වෙලා...දැන් තියෙන්නේ අවසාන තරඟය....පලවෙනියා දෙවෙනියා තෝරන තීරණාත්මක තරඟ වටය...පලවෙනියා වෙන කෙනාට තමා උසස්ම රෑන්ක් එක් හම්බෙන්නේ...ඒ වගේම මාස්ටර් බෙඩ් රූම් එකත් පලවෙනියට එන කෙනාගේ....

මගේ ඇඟ තලා දාලා වගේ....මසල්ස් කැක්කුමයි...චැම්පියන්ශිප් යන බොක්සින් ශූරයොත් මෙහෙම තරඟ වදින්නේ නැතුව ඇති එක දිගට... ෆයිනල් වටේදී මට ලැබුනේ මන් වගේම උස මහත තියෙන ඇල්ෆෙක්...අපි දෙන්නම මුහුණට මුහුණලා හිටගත්තා.....චියර් නොකලත් අපි වටේ ලමයි රොක් වෙලා බලා හිටියා....කවුරු බලා හිටියත් මට ඕන එක්කෙනෙක් මා දිහා බලන්න විතරයි...එයානේ මාව රිජෙක්ට් කලේ....ඒ ඇස් මට විශේෂයෙන්ම දැනුනා...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now