🔥හැත්තෑවන සඳ🔥

1.8K 351 475
                                    

නාශ්ව අමතක අය හත්වෙනි චැපියට ගිහින් බලන්න. ඊට පස්සෙත් කීප තැනකදි එයාගේ චරිතේ මතු වුනා. අද චැපියෙත් එහෙම තැන් කීපයක් ගැන සඳහන් වෙයි. ඔයාලට ආපස්සට ගිහින් ඒවා බලන්න වෙයි තේරුම් ගන්න අපහසු නම්.

නාශ්....කොළ ඇස්....

ඔව් ඒ හිටියේ මාත් එක්ක එක පන්තියේ ඉගෙන ගත්තු මම කාලෙකදි විශ්වාස කරපු කෙනෙක්....

ලුසිෆර් මාව ප්‍රවේශමෙන් බිමට බැස්සුවා...එයාගේ කඩුව නාශ්ගේ බෙල්ලට එල්ල වෙලා තිබ්බා නොසැලී....ලුසිෆර්ගේ ඇස් පවා නාශ්ගෙන් මිදුනේ නැ....ඒත් එයා නිදහස් අතින් මාව අල්ලගෙනම හිටියා....

නාශ්ගේ කොළ පාට ඇස් තව දුරටත් කොළ වුනේ නැති නිසා ඌව දකිනකොටත් මට අමුතුයි වගේ වුනා....උගේ ඇස්වල නියම පාට නිල්ද?....ලුසිෆර්ගේ තර්ජන ගර්ජන හමුවේ ඒකා හිනාවුනා.....බින් අරූට පිටිපස්සෙන් ඉඳන් අපි දිහා බලා හිටියේ උබලට වඩා මන් සෑහෙන ඉස්සරහින් ඉන්නේ කියන්න වගේ අහංකාර බැල්මකින්....

නාශ් එහෙම වුනත් බින් මෙහෙම වුනේ කවද්ද කොහොමද?....මගේ මූණේ කේන්තියක් එක්ක මුසුවුන පසුතැවීමක් පේන්න තියෙන්න ඇති.....මට අප්පිරියයි ලඟ ඉඳන් කෙලවන එවුන්...

මන් දැකපු හීනේ ඩ්‍රෝනා ඒකිගේ බලයෙන් මගේ මනසට දාපු එකක් වෙන්න පුළුවන්...හීනයක් කිව්වට ඒක මවාපෑමක් වෙන්නත් පුළුවන්....

මොකද ඒ හීනේ මට දැන් හරියටම මතකෙට එනවා....ඇස් හැරෙන්න මූණෙ ඉතුරු ටික සම්පූර්ණයෙන් කළු රෙද්දකින් කවර් කරගත්තු නිල් ඇස් තියෙන ඇල්ෆෙකුයි මගේ කුසට කිනිස්සකින් අනින්න ආවේ....හීනෙදි මාව බේරගන්න පැන්නේ නාශ්...එයාටයි කිනිසි පාර වැදුනේ...

නමුත් ඇත්ත සිද්දියෙදි මාව බේරගත්තේ රාජේෂ්.....අනාගතය වෙනස් කරලා කවුරුහරි මට ඒක පෙන්නුවා වෙන්න ඇති....නාශ් ගැන මගේ හිතේ ප්‍රසාදයක් ඇති කරන්න කරපු ප්ලෑනක් වගේ...වාව්...මාව ඒකට අහුවුනා...

ඌ ගැන පොඩි සැකයක්වත් ඇතිවෙලා තිබුනෙම නෑ මට...නිල් ඇස් කියන්නේ යිබෝ නිසා මන් එයා ගැන මුලදි සැක කලා...අර ගෑණී ඔලුවට දැම්මෙම නිල් ඇස් තියෙන දුෂ්ට ඇල්ෆා මට හානි කරයි කියලා...ඒකත් වැරදි නෑ බලන් ගියාම...මම ඒ කින්ග් බව වැරදි වැටහීමක හිටියාට ඇත්තටම ඒ නාශ් තමා...පැටලුම් පිට පැටලුම්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now