🔥නවවන සඳ🔥

2K 416 411
                                    

"තමුන් වැම්පයර් කෙනෙක් නේද?.."

ඇල්ෆා කින්ග් වගේ වෙස් වලාගත්තු වැම්පයර් කෙනෙක් තමා මගේ බෙල්ලට පහත් වෙලා මාව ඉව කරලා තිබුනේ...එයාගේ පෙනුම කින්ග් වගේ නිසා මගේ හිත ගැස්සුනත් එයා වෙනම කෙනෙක් නිසා ඒ ගැස්සුන හිත එතනින් එහාට සලිත නොවුනේ මගේ හිතට එයාකාරයෙන් බලපෑමක් කරන්න පුළුවන් එකම කෙනා ඇල්ෆා වන්ග් යිබෝ පමණක්ම නිසායි...

මන් කල්පනා ලෝකයේ නිමග්න වෙලා ඉන්නකොට මට කට කොනකින් හිනාවක් දීපු වැම්පයර් කතා කරන්න ගත්තා උගේ ගොරහැඩි හඬින්...ඌ පෙනුම වෙනස් කරගත්තා සුදුමැලි පිරිමි රූපයකට...හපොයි උගේ ඇත්ත රූපේ නම් කින්ග්ගේ අහලකින්වත් තියන්න පුළුවන් එකක් නෙවේ....

"රැජිණක් කියන්නේ නිකම්ම නෙවේ උබට ජාන්...උබ රැජිණකට සුදුසුයි...උබ මගේ බොරුව අල්ලගත්තනේ...."

මගේ ගෙලෙන් මුව අහකට අරන් ඌ ඈත් වෙලා කියනකොට මන් දෝතින්ම මගේ නිරාවරණය වුන උඩුකය වසාගෙන ඌ දිහා බැලුවේ කේන්තියෙන්...ඌ මගේ දිහා බලා හිටියේ පෙරේත බඩගිනි බැල්මකින්....මුලින් මෙතනින් දුවලා යන්න හිතුනත් පස්සේ මන් ඒ අදහස වෙනස් කරගත්තේ මූ මොකාටද එන්න හදන්නේ කියලා දැනගන්න තිබ්බ කුතුහලයටමයි....

"උබ මොකෙක් වුනත් මට වැඩක් නෑ...මගේ පාරෙන් අයින් වෙයන්...වෙන කෙනෙක්ගේ පෙනුමකින් ඉන්න එකෙක් කොන්ද පණ ඇති එකෙක් වෙන්න බෑ කීයටවත්...අනික මට රැජිණක් කියන්න උබට විකාරද?.....මනස්ගාත...."

මන් ඇල්ෆා ටෝන් එකෙන් ඌව ගනන් නොගෙන කියනකොට ඌ මගේ සීමාවෙන් හුඟාක් ඈතට ගියා...මට ඌ ගැන බයක් හිතුනේ නෑ...ඒත් පිලිකුලක් හටගත්තා...ඒත් ඒ කළු පාට ඇස් දිහා බලන එක මට අමාරුවක් වුනේ නෑ....

ගහක අත්තක් උඩට කුරුල්ලෙක් වාගේ පියාඹපු මේ අමුතු වැම්පයර් එතන ඉදන් මට කතා කලා...ඌ මා එක්ක කතාව පටන් ගත්තේ මගේ අල්ලෙ මිදීගෙන ආපු ලේ දිහා බලාගෙන..මන් උගේ දෑස් මානෙන් මගේ අත හංගගත්තා...ඌ කෙළ හලවනවා මගේ ලේ වලට....

"උබ උබ ගැන හරියට කිසි දෙයක් දන්නේ නෑ ජාන්....ඒත් උබ ගැන උබට වඩා දන්න එවුන් උබ වටේම ඉන්නවා කෙටියෙන්ම කියතොත්....උබේ ලේ අතිවිශේෂයි...මාව මේ මහ දවල් ඒ ලේ සුවඳට උබ ගාවට ඇදිලා ආවේ ඒකයි...ඔය ලේ වලට ලෝකේ දැනට තියෙන අනික් බලගතුම ලේ මුසු වෙලා හැදෙන අපේ ලෝකයේ අනාගත බලවත්ම රජුට සතුරෝ ගොඩක් දැනටම හැදිලා ඉවරයි...උබ ඇල්ෆා ඇකඩමියට පා තියපු ගමන් උබේ ඉරණම ලියවිලා ඉවර වුනා ජාන්...උබට දැන් තියෙන්නේ සටන් කරන්න උන් ඔක්කොම එක්ක...උබේ මේට්ගේ බලවත්කම උබ තාම දන්නේ නෑ...ඒ බලසම්පන්නකම උබව රකින්න පටන් අරන් ඉවරයි දැනටමත්...උබේ ලේ සුවඳ මාව පිස්සු වැට්ටුවත් උබේ ඔය ඇඟට අතක් තියන්න මට බෑ...ඒකනේ උබේ ඇඳුමෙන් ඇල්ලුවත් උබේ හමට නියපොත්තක් තරම්වත් මට ලන්වෙන්න බැරි වුනේ...මගේ ආත්මය මට නැතිවෙනවා එහෙම කලොත්....ඉතින් මට පුළුවන් උබේ ලේ ඉව කරලා ඒකෙ උමතු සුවඳින් සැනසෙන්න විතරයි...මම එහෙම කලාට උබේ ඇඟට අත තියන්න හැකි අඳුරු සෙවනැලි උබ වටේම තියෙනවා...ඒ නිසා පරිස්සමෙන්...මට වෙස් මාරු කරන්න පුළුවන්...මොකද මන් නිකම්ම නිකන් වැම්පයර් කෙනෙක් නෙවේ...මන් ලයිකන් වැම්පයර් මුහුවක්...ඒ නිසා රෑ දවල් නොබලා මට නිදහසේ සැරිසරන්න පුළුවනි...."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now