🔥තිස්දෙවන සඳ🔥

2.2K 420 374
                                    

මගේ කසාදේ සිද්ද වුනේ එහෙමලු. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක මම දැකපු හීනයක්දෝ කියලත්....එහෙමත් නැත්තම් අපි ඉක්මන් වුනා වැඩිදෝ කියලත්...මටත් එහෙම හිතුනා...වැඩිය නොහිතා වෙන දේවල්වල රසයක් නැතුවාම නෙවේ.....

මගුල් මණ්ඩපයක් උඩ තමා හරිනම් අපි බඳින්න ඕන...පැක් එකේ අය ඉස්සරහ...අඩුගානේ ඇකඩමි එකේ ස්ටාෆ් ලමයි ඉස්සරහ....යිබෝගේ පවුලේ අයගේ ආශිර්වාදය ඇතුව...මගේ පවුලේ කියලා කවුරුත් මට නෑනේ....ලුසිෆර්ගේ මූණේ තිබ්බ බැරෑරුම් පෙනුමෙන් මට හිතුනා එයා කලබලේට මාව බැන්දත් ඒකට අනිවාර්යයෙන්ම ලොකූ හේතුවක් තියෙන්න ඕන කියලා...එයාගේ හේතුව හනිමූන් එක නොවේවා කියලා යටිහිතින් මම පැතුවා....

බාත්‍රෝබ් එක හැරුනාම මම සම්පූර්ණයෙන් නිරුවතින්....අරයා අන්ඩර්වෙයාර් එක පිටින්...එහෙම කසාද බැඳපු පලවෙනි කපල් එක අපි වෙන්න ඇති මේ ලෝකේ...නමට හරි ඇඳුමක් ඇඟේ තිවුන එකට මම මටම ස්තූතිවන්ත වුනා...කසාදේ නම් තවමත් හීනයක් වගේ....

"මමත් දිවුරුම් දෙන්න ඕන නේද ලුසිෆර්?..."

මම එයාගෙන් මෘදුව ඇහුවා...කසාදේ වෙන බව මම දැනන් හිටියා...අද මේ දැන් ඒක වෙයි කියලා නම් හීනෙන්වත් හිතුවේ නෑ...ලුසිෆර් පොරොන්දු වුන දිනයටම ඒක කලා....මගේ හිතේ එයා ගැන බය අඩුවෙලා කියලා නම් හිතන්න එපා...දැනුත් ඒ බය එහෙමමයි...මම ඒක එයාට නොපෙන්වා ඉන්න උත්සාහ කරනවා....

එයා කැමති ඇති මම අනික් අයට...අනික් අය කීවේ යිබෝටයි අනික් වුල්ෆ්ලා දෙන්නටයි වගේම එයාටත් සලකනවා නම්...සීයට සීයක් එහෙම කරන්න මට අමාරුයි තවම...ඒත් උත්සාහ කරලා බලන්න ඕන....කසාද බැන්ද හින්දා මට සතුටුද දුකද කියල ඇහුවොත් දෙන්න උත්තරයක් හිතාගන්න බෑ...මට කියන්න තියෙන්නේ මට පුදුමයි කියන එක විතරමයි.....මන් ශොක් වෙලා ඉන්නේ....

මගේ ප්‍රශ්නය හමුවේ ලුසිෆර් එයා අල්ලන් හිටපු මගේ දකුණු අත තව ටිකක් තද කරලා අල්ලගත්තා....

"උබටයි මටයි දෙන්නටම මගේ පොරොන්දුව ඇති...උබ මාව බඳින්න හා කිව්වේ මේට් බොන්ඩ් එක නිසා විතරයි....උබ මට කැමති නෑ....උබ යිබෝගේ ශාපය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නයි හදන්නේ...ඉතින් උබ බොරු පොරොන්දු වෙන්න එපා...."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now