🔥තිස්හත්වන සඳ🔥

1.9K 398 224
                                    

මන් පහලම තට්ටුවට දුවලා ගිහින් පපුවට අතක් තියාගෙන කිචන් එකට ගියා....බින්ලා ගාවදි මට හිතුනෙම අමුතු ලොකු බලයක් මට ලැබිලා කියලමයි...ඒත් දැන් මට දැනෙන්නේ ඒකේ අනික් පැත්ත....කින්ග් ගොරවනවා මට ඇහෙනවා පල්ලෙහා තට්ටුවටම...ඇඟම බයෙන් හිරි වැටිලා යන ගෙරවිල්ලක්...එයා වුල්ෆ් ෆෝම් එකට මාරු වෙලා නැතුව ඇති නේද?....

ෆ්‍රිජ් එකෙන් ගත්තු වතුර බෝතලයක් මන් බීගෙන බීගෙන ගියේ තිබහකටත් වඩා හිතේ බය හෝදලා යවන්න බලාගෙන...මන් දන්නේ නෑ මොනවා කරන්නද කියලා..මට ආපිට යන්නත් බෑ..ඉන්නත් බෑ...

දම්වැල් වලින් බැඳලා ඉන්න ලුසිෆර් ඩොක්ටර්ව මැරුවේ කොහොමද?...මොකක් කරලාද?...මන් උඩ කාමරේ පේන මානෙට යනකොට දැක්කා මතකයි දොරේ තිබ්බ පොඩි විවරයක්....ඒකෙන් ලුසිෆර්ට අතක් දාලා ඩොක්ටර්ගේ බෙල්ල අල්ලගන්න හැකි වෙන්න ඇති...ඒත් ශුවර්ම නෑ....එහෙම නිදහසේ කාමරේ ඇවිදින්න එයාට පුළුවන්ද?....අතක් එලියට දාලා බෙල්ල ඇල්ලුවාමයි කියමුකෝ...බෙල්ල කඩලා මරන්න පුළුවන්ද?.....

ඩොක්ටර් මැරිලා වැටිලා හිටපු හැටි තාම මට මැවි මැවි පේනවා වගේ...මට තිබ්බ එකම උදව්වත් විකල්පයත් සදහටම නැතිවෙලා ගියාවත්ද....අනේ දෙවියනේ....මන් පිස්සෙක්...ලුසිෆර් මන් හිතා ඉන්නවා වගේ නෙවේ..තාම රෑ දොලහා වෙලත් නෑ...මන් මොකක්ද කරන්නේ...මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ වැඩක් මට වෙන්නේ අද යහතින් බේරුනොත්....

බෝතලේ කට කට ගාලා මගේ අතේම වෙව්ලනවා මට දැනුනා...මන් ආයෙම ඉස්සරහ දොර ලඟට දුවලා ගිහින් දොර අරින්න හැදුවත් ඒක ලොක් වෙලා...එහෙම වුනේ කොහොමද...මම එද්දී ඒක ලොක් කරලා තිබ්බේ නෑ...මන් ඇතුලෙන් ලොක් කලෙත් නෑ.....අද්භූත දේවල් හැමතැනම....

මේ අතර මට එලියේ මහා කුණාටුවක් හමනවා ඇහුනා...ලුසිෆර් නිසාද මේ ඔක්කොම වෙනස්කම්?...මන් වෙලාව බැලුවා...එකොලහට ලඟයි...මම බිම තිබ්බ මලු ටික උස්සගෙන ගිහින් කිචන් එකේ කවුන්ටර් එක උඩින් තියලා අස්පස් කරන්න ගත්තේ හිත ඇතුලේ බලි තොවිලයක් නටන්න අරන් ඉන්නකොටයි...

දැන් නම් කින්ග්ගෙන් සද්දයක් නෑ....එයාට නින්ද ගිහින් වෙන්නැති...අද දවසම කාමරේට කොටු වෙලා හිටපු එයාට බඩගිනිද දන්නෙත් නෑ....පව් එයා එක අතකින්...තමන්ගේ උපන්දිනේ දවසේ ඔහොම හිරවෙලා ඉන්න වෙන එක සාපයක්ම තමා...මනුස්ස ගති ගෑවිලා නැති බීස්ට් කෙනෙක් වෙලා නම් ඉන්නේ එයා?...බින් කීවේ ඇත්තම වෙන්න ඇති....

Alpha Academy (Yizhan)✅Onde as histórias ganham vida. Descobre agora