🔥දොලොස්වන සඳ🔥

2K 421 294
                                    

ඇල්ෆා කින්ග් යිබෝ මා දිහා බලා ඉඳපු බැලිල්ලට මට මාවම පාලනය කරගන්න අමාරු වුනා...එයා එක්ක කට ගහගෙන යන්නවත් කෑ ගහලා අඬන්නවත් මට බෑ....ඇල්ෆා බින් කියපු දේවල් තාමත් මගේ ඔලුවේ දෝංකාර දෙනවා වගේ....

මන් කින්ග්ගේ මේට්...ඒත් එහෙමයි කියලා මන් එයාට දෙවෙනි වෙලා ජීවත් වෙන්නේ කොහොමද?...ඇල්ෆා කෙනෙක්ට සබ්මිසිව් වෙන ඔමේගා කෙනෙක් වගේ ජීවත් වෙන්න මට බෑ....බෑ..බෑමයි....

"උබ එහෙන් පැනලා ආවේ ඇයි?...උබට සැප මදිද?..."

එයා කොන්ඩේ අත ඇරියෙම නෑ....බැරිම තැන මන් සමාවගත්තා....

"ම..මට සමාවෙන්න ඇල්ෆා...මට එහෙ ඉන්න හිතුනේ නෑ...ඔයා කාමරෙන් ගියාට පස්සේ මම ඔයාව දැක්කෙත් නැහැනේ..."

"උබට යන්න කිව්වද මන්?...කිව්වද?..."

ඒකෙන් වුනේ එයා තවත් වියරු වැටුන එක විතරයි....

"න්..නෑ.."

මගේ කොන්ඩෙන් තව පාරක් රිදෙන්නම ඇදලා අත ඇරලා දාපු එයා පුටුවක් ඇදලා අරන් ඒක උඩ වාඩිවුනේ කකුලක් උඩ කකුලක් හරස් කරලා දාගෙන..එයාගේ මූණේ තිබුනෙම කේන්තියක්...හකු තද කරගෙන අත් මිට මොලවගෙන ලොකුවට හුස්ම ගනිමින් එයා කේන්තිය පාලනය කරගන්න හදනවා කියලත් මට හිතුනා...

මට මන් හුස්ම ගන්න සද්දෙ කණ ලඟින් ඇහුනා..ඒක වේගවත් වෙලා....එයා ඇඟිලි වලින් මේසෙට තට්ටු කරනවා මට ඇහුනා..ඊට පස්සේ මේසේ උඩ තිබ්බ හිස් කොල කීපයක් මගේ දණිස් ගාවට විසි කලා...

"එහෙනම් ඔය ඉන්න විදියටම ඔය කොලවල සිය පාරක් මගෙන් සමාව ඉල්ලලා ලියපන්..."

එයා ගර්ජනා කරනකොට මන් කොල ඇහිඳ ගත්තේ වෙව්ලන ඇඟිලි වලින්...කොච්චර ලැජ්ජාවට පත් වුනත් ඇස් වලින් කඳුලක් නොහෙලන තරමට මගේ හිත දැඩිවෙලා තිබුනා....

මෙයා ඉස්සරහ නම් කීයටවත් අඬන්නේ නෑ...කදුළු හෙලීම දුර්වලයෙක්ගේ ලක්ෂණයක්...ඉස්සර පොඩි කාලේ මන් වේදනාවට අඬනකොට තාත්තා මගේ සුදු හම පතුරු යනකම් ගහලා ඇති...ඒ නිසා මොන වේදනාවක් ඉස්සරහ වුනත් අඬන්න මන් කැමති නැහැ....මොනා වුනත් වේදනාව දරාගන්න නාකී මිනිහා මට පුරුදු කලා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now