මගේ ගාවට ආපු ගිනි පිඹින ලුසිෆර් කොල්ලා ඒ කියන්නේ මගේ ආදරණීය නිත්‍යානුකූල සැමියා ලුසිෆර්ව දැක්කාම මගේ කකුල් පණ නැතිවෙන්න ආවා වුනත් මම සෙල්ෆ් කන්ෆිඩන්ස් එකට පිංසිද්ද වෙන්න හිතට දහිරිය අරන් නොසැලී හිටියා...
පුතේ අම්මට සප් එක දියන් ඈ...තාත්තට ගිය ඇකඩමියම නෙවේ මේක....මන් බඩ අතගගා පොඩි එකාට කිව්වේ අන්තිමට මට ඉතුරු ඌ විතරක් නිසයි....
මගේ කතාව කොහේ හෝ ඉදන් කියවන කෙනෙක් ඉන්නවා නම් එයාලා ඉස්සරහ මගේ සායම නොයන තැනට වැඩ සිද්ද වුනාවේ....ඒස්වා පුහ්!
ලුසිෆර් මට වචනයක් කියන්න කලින් අපි අතර මැදට පැන්නේ ෂූයෑන්ග්...අර කතාවල වෙලාව බලලා පත බාල්දි දාන එකෙක් වගේ..එතකොට හාට් ඇටෑක් හැදිලා නැද්ද මෙයාට...ලගදිම මන් නිසා ෂූගේ හාට් එක ලෙප්ට් වෙනවා... ....
මම අහිම්සකයි...රටක් වටී....ලුසිෆර් ලගට ආවාම කට ලොක් වෙන ලෙඩක් තියෙයි මට....ගනන් ගන්නෙපා...ඕනම කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන්...ගින්දර වගේ කොල්ලෙක්නේ මගේ මිනිහා...උබ ලස්සනයි මගේ රජෝ!...තත්පර අරික්කාලකට මන් ඒ ගිනියම් ඇස් ඇතුලේ අතරමන් වුනා....
එතකොටම කාලකන්නියෙක්....
"ඇල්ෆා කින්ග්...පොඩ්ඩක් එන්නකෝ මාත් එක්ක...මට වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාට ඒත් තනියම..."
ෂූයෑන්ග් දංගෙඩියට බෙල්ල තිබ්බේ එහෙම..එයා කතා කලේ බයෙන් බයෙන්....ෂූ එහෙම කියද්දී ලුසිෆර් බැලුව බැලිල්ලට ෂූයෑන්ග්ගේ ඇතුලාන්තයම කැලතිලා යන්න ඇති අනිවාර්යයෙන්ම...මගෙත් කැලතුනාද කොහෙද...
අති භයානක තරඟයක් මැද්දේ ප්ලේ කරනවා වගේ ෆීලින්ග් එකක් මට ආවේ....හැම එකටම තරඟ ගාවනවා කියලා බැනගෙන එන්නෙපා..තරඟයක් නිසානේ මාව ඇකඩමියට සිලෙක්ට් වුනෙත්....ලේ වලටම ඒක කා වැදිලා....
මාරාන්තික බැල්මක් මට දීපු කින්ග් ෂූයෑන්ග් එක්ක ලොබි එකේ කෙලවරකට ගියාම ගැම්මෙන් හිටපු මගේ හුලං බැස්සා තාවකාලිකව...මමනේ දන්නේ එයා ඉස්සරහ ගැම්මෙන් ඉන්න කාපු කට්ට....මවාපෑමට දස්සයි ක්වීන් ජාන්...
ෆුහ්! මොනා වුනත් ඉස් ඉස්සෙල්ලාම එයාට කරන්න තිබ්බේ මගේ ඩාන්ස් එක අගය කරන එක....මන් කොච්චර ලල් එකේ නැටුවද...මගේ ඉරියව් ඉගි බිගි ආයේ පංකාදුයි....කොහෙද ඉතින් ආපු වෙලේ ඉඳලා නම පාඩම් කරන්න වගේ ජාන් ජාන් තමා...ජාන් තමා මිනිහෝ මගේ නම...නැතුව පාන්ද....
YOU ARE READING
Alpha Academy (Yizhan)✅
Fanfictionලෝක සම්මතය ඇල්ෆා ඔමේගා..🖤 ඒත් ප්‍රභල ඇල්ෆාවන් දෙදෙනෙක් ප්‍රේමයෙන් වෙළුනොත් කුමක් සිදුවෙයිද? 🔥 Start - May 11, 2023 End - November 27, 2023