🔥පනස්අටවන සඳ🔥

1.7K 340 483
                                    

මම හිතින් ලුසිෆර්ට කෙටි ලියමනක් ලීවේ එහෙමයි....එයා නැති ජීවිතයක් මට නැති නිසා එයාට මාව දාලා යන්න බෑ....එයා දිහා බලන්න හයියක් මට තිබ්බේ නෑ...එයාගෙන් සමාව ඉල්ලන්න අවශ්‍ය නොවුනත් මට දුකයි...මගේ තීරණය ආත්මාර්ථකාමී වුනත් සාධාරණ එකක්...එයා මගේ තැන හිටියානම් එයා වුනත් ගන්නේ මම ගත්තා වගේම තීරණයක් කියන එක මට විශ්වාසයි....දරුවාව බේරගන්න මට කරන්න වෙන ලොකුම කැපවීම කරන්න වෙයි කියලා නම් මම ජීවිතේට හිතුවේ නෑ....

ඩේමියන්ගේ නපුරු හිත්පිත් නැති විධානයත් එක්ක මට ග්‍රවුන්ඩ් එක දිහා බලන්න ශක්තියක් නැතිවුනා....ඌට ඕන රජකම විතරක්ම නෙවේ...උගේ පහත් ආශාවන් ඉෂ්ට සිද්ද කරගන්න ඌට මාවත් ඕන කියන එක නොකියා කිව්වා ඌ....මේක සටනක්...ඌයි මායි අතර සටනක්....

උගේ අණත් එක්ක මගේ හිත ගැස්සුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්...ඒ වුනත් මට විශ්වාසයක් තිබ්බා ලුසිෆර්ව මරන්න පුලුවන් කෙනෙක් මේ ලෝකේ නෑ කියලා...ස්වාමියා ගැන තියෙන අධික පති භක්තියද අන්ධ විශ්වාසයද අධිතක්සේරුවද මන්දා මට ලුසිෆර් වෙන කෙනෙක්ට පරාද වෙයි කියන එක හිතාගන්න අමාරු වුනේ එයාව මට මුණ ගැහුන පලවෙනි දවසේ ඉදන් විදහාපාපු පෞරුෂය බලය බොරුවක් නෙවේ කියලා යටිහිත කියපු නිසා.....

මට හිතාගන්න බෑ මොකක් වුනාද කියලා එකපාරටම බෝම්බයක් පිපිරුවා වගේ හඬක් එක්ක මුළු ග්‍රවුන්ඩ් එකම දෙදරලා මහා දූවිලි වලාවකින් ස්ටේඩියම් එකම වැහිලා ගියේ කිසිම දෙයක් නොපෙනෙන විදියට....

අනේ මගේ ලුසිෆර්!!! එයා කෝ?.....මගේ ඇස් දූලි වලාව අස්සෙන් එයාව හොයන්න වෙහෙසවුනා.... මට එයාගේ අංශුමාත්‍රයක චායාවක් පෙනුනේ නෑ...ග්‍රවුන්ඩ් එක මැද එකම කාලගෝට්ටියයි....ප්‍රේක්ෂකාගාරයම මොකක් හරි හේතුවකට කලබල වෙලා වගේ මී වදයක් ඇවිස්සුව ගානට...මගේ හිතත් කලබල වුනා...

කඳුලු වලට විරාමයක් ලැබුනේ නෑ...ඒ වුනත් මාස තුනකට කලින් ලුසිෆර් මාව දාලා ගිය වෙලාවේ තරම්ම කම්පනයක් මට ඇතිවුනෙත් නෑ...මගේ යටිහිත කිව්වා ලුසිෆර්ට කරදරයක් වෙන්නේ නෑමයි කියලා...කාටවත් ලේසියෙන් එයාව මරන්න බෑ එයා අමරණීය නොවුනත්...ගිය පාර ලුසිෆර්ම අතුරුදහන් වුන නිසා එයා මගෙන් ඈත් වුනා නේදෝ කියන එක තදින් හිතට කා වැදුනත් මෙදා පාර එයා යන්නම යයි කියලා මට හිතෙන්නේ නෑ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now