🔥විසිහත්වන සඳ🔥

1.8K 403 492
                                    

ෂූයෑන්ග් එතනට ඇවිත් මාව එක්කන් යන්න හදනකොටත් මම අරයගේ ඔෆිස් කාපට් එක උඩ වැතිරිලා හිටියේ සිහිය නැති එකෙක් ගානට...අඬන්නද හිනාවෙන්නද මම දන්නේ නෑ...ලුසිෆර් මට බය කියන්නේ මොකක්ද කියන එක පෙන්නලා දුන්නා...එයා එක්ක කොහෙත්ම ලේසි වෙන එකක් නෑ....

මම බොරුවක් කල එක විතරයි හැමෝටම පේන්නේ...එයාලගෙ බලතල එක්ක මන් යන එන ගමන් ගැන එයාලා හොයපු එකත් වැරදී...මම බොරු කලේ ඇයි කියලා හොයන්න නම් කාටවත්ම උවමනාවක් නැති එකයි මට පුදුම..ඒ වුනත් එයාලා අන්තිමට වරද මගේ පිටටම පටවයි....ඔව් ඔක්කොටම වැරදි ජාන්...ජාන් මෝඩයි...ජාන් පණ්ඩිතයි...හිතුවක්කාරයි...අහංකාරයි....ජාන් එහෙම කලේ ඇයි කියන එක කාටවත් ගානකුත් නෑ...වැඩකුත් නෑ....මෝඩ ජාන්ව රැජිණ කරගන්න නම් හරී ඇම්ම....

වෙනදට ඇහෙන් කඳුලක් හෙලන්න අකමැති මට අද සද්දෙට ඇඬුනා....මම ලැජ්ජාව පැත්තකින් තියලා ඇඩුවා....ලුසිෆර් එක්ක ගෙවන්න වෙන ජීවිතේ මට හිතාගන්නවත් බෑ...

මේ වීකෙන්ඩ් එකේ එයා මාව කසාද බඳිනවා කීවා...යිබෝව බඳින්න මම කොහොමත් තීරණය කරලමනේ තිබ්බේ...බින්ටත් මගේ තීරණේ කිව්වනේ...ඒක එහෙම වුනත් ආයේ ආයේ හිතන්න ඕන තීරණයක්දෝ කියලත් මට හිතෙනවා...එයා මාව කසාද බඳින්නේ මාව අයිති කරන් දරුවෙක් ලබාගෙන එයාගේ ශාපය අයින් කරගන්න මිසක් මට ඇති ආදරයකට නෙවේනේ.....

යිබෝ ගැන මට ආකර්ෂණයක් තියෙනවා...එතන ආදරයක් තියෙනවද...නෑ...පොඩි ලෙංගතුකමක් තියෙනවා...ලුසිෆර් එක්ක එහෙම එකක්වත් නෑ....එයා මට මොනවායින් මොනවා කරයිද....මට එයාට බයේ ජීවිතේ ගෙවන්න බෑ...එයාට මම ලන් වෙන්නේවත් කොහොමද...එයා මට ලන් වෙන තරමට මම දුරස් වෙන්නත් පුළුවන්....එයා නපුරුයි...හුඟාක් නපුරු දුශ්ට කෙනෙක් කොච්චර පෙනුමින් ලස්සන වුනත්...හිතේ නෑ ඒ ලස්සන වලින් බිංදු අරික්කාලක්....

"අනේ දෙයියනේ ජාන්!!!!!! මොකක්ද මේ ඔයාට වුනේ?...කින්ග්ද තුවාල කලේ?..."

දොර ඇරගෙන ආපු ෂූයෑන්ග් දෑස් ලොකු කරගෙන මා ලඟට දුවන් එන ගමන් ඇහුවේ වේදනාව මුසු වුන බයකින්......

"ඔව්...එයා මගේ කකුලේ තුවාලේ හොඳ කරන්න ගියානේ එයාගේ ක්‍රමේට...එහෙම කරන්න ගිහින් මගේ හිතේ තුවාලයක් ඇති කලා..."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now