🔥පස්වන සඳ🔥

2.2K 444 266
                                    

මම දන්නේ නෑ මට මොකක් වුනාද කියලා බෙල්ල අල්ලගෙන බිමට පාත් වුන මන් එක දිගට විනාඩි පහක් එක දිගට එහෙමම ඉන්නකොට දැනුනේ කවුරුහරි මාව පුච්චනවා වගේ....මට මොකක්ද වෙන්නේ?...එදා මේ ඇකඩමි එකට පය තියද්දී කිසි වෙනසක් වුනේ නෑ...අද මොකක් හරි වෙනසක් තියෙනවා....

මගේ බෙල්ලේ වේදනාවක් ආවේ සාමාන්‍යයෙන් වෙයාර්වුල්ෆ් කෙනෙක්ගේ ගෙලේ මේට් කෙනෙක් මාර්ක් කරන හරියෙන්...ගෙලේ ගොඩක්ම සංවේදී ස්ථානයක් තමා ඒක...මේට් කෙනෙක් තියා එහෙම කෙනෙක් හොයාගන්නවත් පේන මානේ නොවෙනකොට මෙහෙම සිද්ද වුන එක හරිම අස්වාභාවික දෙයක්...මොකක් හරි අද්භූත බලවේගයක් මගේ වටේ කැරකෙන පාටයි....වෙයාර්වුල්ෆ් ලෝකය කියන්නෙම තේරුම් ගන්න අමාරු බලවේග වලින් පිරිලා තියෙන ලෝකයක්....

ටිකක් වෙලා බෙල්ලත් අල්ලෙගන වේගෙන් හුස්ම ගනිමින් ඉන්නකොට මට කවුරුහරි කතා කරනවා වගේ දැනුනා...හරියට මනසට කෙනෙක් කතා කරනවා වගේ...ඇත්ත කෙනෙක් නෙමේ...මට පිස්සු හැදීගෙනවත් එනවද...ඒ හඬ පැහැදිලි නැහැ මට...මොකක්ද ඒ කෙනා කියන්න හදන්නේ?.....

අපහැදිලි හඬක් එක්ක මගේ බෙල්ලේ වේදනාව වැඩි වුනත් කතා කරන්න බැරි විදියට මගේ මුව ගොළු වෙලා තිබ්බේ....නමුත් ලාවට වචන කීපයක් පැහැදිලිව ඇහුනා...මගෙ ඔලුව ඇතුලෙන් ඇහුනේ....ඒක ගෑණු කටහඬක්....එයා මට කතා කලා....

ඇල්ෆා....දරුවා....බේරගන්න....

ඔබට....ඔහුගෙන්.....දරුවෙක් ....අකැපයි

අශුභයි....ශාපයක්.....ඔහුගෙන්...ඈත් වෙන්න...ඔහු...භයානකයි.....

දරුවා....මරණය.....

ඉබේම මගේ අතක් කුසට ගියා....එහෙම ගිය විගස මම අත ඇදලා ගත්තා....කාගේ දරුවාද බේරගන්න කියන්නේ?...එකපාරටම කටහඬ ඇහෙන එක නැතිවෙලා ගියා.....මනස්ගාත හිතන්න වෙලාවක් දැන් නැහැ...

මේට් බොන්ඩ් එක සම්පූර්ණ කරපු වෙයාර්වුල්ෆ්ලට නම් එකිනෙකාට විතරක් නෙවේ තමන්ගේ පැක් එකට වුනත් කතා කරන්න පුළුවන්...පැක් ලීඩර් හෝ පැක් එකේ ලූනා ඒ කියන්නේ රැජිණට පැක් එකට මනසින් කතා කරන්න පුලුවන්...අපි ඒකට කියන්නේ මයින්ඩ්ලින්ක් කියලා...ඒත් එහෙම කරන්න පුළුවන් සීමා තියෙනවා...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now