🔥හතලිස්පස්වන සඳ🔥

2K 395 374
                                    

ආච්චම්මාගේ වචන වලින් කම්පනයට මම පත්වුනේ එයා නොකියා අහන්නේ අපේ හනිමූන් එක ගැන කියලා දන්න නිසා...ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා තියා කිසි ඉස්පාසුවක් නැතුවනේ අපි ඒක කලේ...පැය ගානක් රෑ එලිවෙනකම් එයායි මායි අතර වුනු උණුසුම් හැඟීම් හුවමාරුව මතක් වෙනකොටත් ඇඟ රත්වෙනවා දැනුනා....

එහෙම වුනත් ඒකෙන් ආච්චම්මා හිතන ප්‍රතිපලයක් ඇතිවෙන්න විදිහක් නෑ...ඇකඩමියට ගිය ගමන් මේ ගැන හොයලා බලන්න ඕන යිබෝව ආයෙමත් එහෙදි මට මුණගැහෙන්න කලින්...එයා මොකක්දෝ මායා ගෙයක් ඇතුලෙනේ ඉන්නවා කියන්නේ.....අනේ මන්දා....එයා මට නොකියා ගියපු එක හරි වෙන්න ඇතිනේ...එයාගේ හොඳට කියලා මම මොකක් හරි එයාට නොකියා කලා නම් බලාගන්න තිබුනා රඟේ.....පොලොව පලලා උගුර කඩාගෙන ගොරවලා....

අද හෙටම එයා ඇකඩමියට එවෙයි රට් එක ඉවර නිසා....එයා අද මම ආච්චම්මා මුණ ගැහුන බව දන්න නිසා විස්තර අහයිද දන්නේ නෑ...අපි අතර මොන විදිහේ පරතරයක් තිබුනත් යිබෝ මට නොදැන මගේ මනස කියවන්නේ නැහැ කියන එක මට විශ්වාසයි....අපි හිතනවටත් වඩා අපේ සම්බන්ධය ගැඹුරට ගිහින් අවසානයි....මොකක්දෝ අඩුවක් තියනවා ඒ වුනත් අපේ සම්බන්ධයේ....

"අපි මේට්ස්ලා වුනාට තවම ආදරය කරන්නේ නෑ....ඒ නිසා අපි අතර තවම එහෙම දෙයක් වෙලා නැහැ ආච්චම්මේ...එයා මාව මාර්ක් කලා විතරයි......"

එයාට විශ්වාස කරන්න පුළුවන් වෙන විදියට පත බොරුවක් මම ඇද බෑවේ ඇයිද මන්දා...එයා මාව තවත් පටලවයි කියලා හිතුන නිසා යිබෝයි මායි අතර කිසි දෙයක් තවම නොවුන බව මම එයාට කිව්වා...

ආච්චම්මා කියන විදියට දරුවා උපදිනකොට මම ඔමේගා කෙනෙක් වෙනවා...යිබෝ ලෝකයේ ප්‍රභලම අමරණීය ඇල්ෆා වෙනවා...එයට සදාකාලික ජීවිතයක් උරුම වෙනකොට මට කවදාහරි මැරිලා යන්න වෙනවා...ඒ ගැන හිතද්දිත් කවුරුහරි අතදාලා මගේ හාට් එක මිරිකලා ඒකේ සාරය උරාගන්නවා වගේ දරුණු හිත් වේදනාවක් මට ඇතිවුනා....

යිබෝ අමරණීය වෙන එක සාපෙන් ගැලවෙන එක දුක් වෙන්න කාරණා නොවුනත් මට එයාගෙන් ඉක්මනින්ම වෙන්වෙන්න වෙන එක දුකක්...ඔමේගා කෙනෙක් වෙන්න මම අකමැතියි...ඇල්ෆා නිලය කියන්නේ මගේ අනන්‍යතාවය...ආඩම්බරය...අවුරුදු ගානක මහන්සිය....දක්ෂතාවය.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now