🔥පනස්නවවන සඳ🔥

1.8K 366 439
                                    

මම අර දෙන්නා කරන්නේ මොකක්ද කියලා බලා හිටියේ සජීවී යුධ මෙහෙයුමක් බලනවා වගේ...මම මොකක්ද කරන්න ඕනේ කියලවත් මට හිතාගන්න බැරිවුනා...මන් දඩිබිඩි ගාලා ඇඳුම හරියට ඇඳගත්තේ අරූ පපුව මැද තියපු ලකුණ වැහෙන්නත් එක්කයි...ඌ මට කැලලක් එකතු කලා....ෂිට්! මට තව පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරිවුනානේ....ලුසිෆර් මේක දැක්කොත් කියන එකත් ඒ අස්සේ ලාවට හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා......එයා තේරුම් ගනී....

අර දෙන්නා ද්වන්ධ සටනකට ලෑස්ති වෙනවා වගේ පෙනුන ගමන්ම මම හීන් සීරුවේ බිමට පහත් වෙලා මගේ කිනිස්ස ඇහිඳගෙන ඇඳුම අස්සේ හංගගෙන අර දෙන්නා පහු කරන් හීයක් වගේ දුවලා යන්න ගියේ කැඩුණු දොර අස්සෙන්.....

මම යනකොටම මගේ වැලමිටකින් ඩේමියන් අල්ලගත්තා....මන් වෙර දරලා උගෙන් අත ගලවගන්න දැගලුවේ ඌට රවමින්....ඌ කලේම මාව ඌ පැත්තට ඇදලා ගත්තු එක....

"උබ කොහෙද පැනලා දුවන්න හදන්නේ?...."

ඌ ගොරවමින් ඇහුවත් මට බයක් හිතුනේ නෑ...මම අර සෙබලා දිහා බැලුවා...එයාගේ යකඩ යුධ ඇඳුම කඩු කිනිසි වලට අමතරව කිසිම දෙයක් මට පෙනුනේ නෑ...එයා කවුද?...ඇස් දෙකවත් පෙනුනේ නෑ....තනිකරම යකඩ ගොඩක්....

මම ඒ ඇවිත් හිටියේ ලුසිෆර් කියලා විශ්වාස කරන්න හැදුවත් මේ කෙනා ලුසිෆර් තරම්ම උස එක හැරෙන්න වෙන සමානකමක් හොයාගන්න මට බැරිවුනා...මෙයා ඇල්ෆෙක්ද නැද්ද කියන එකත් මට තේරුනේ නෑ.....ස්මෙල් එකක් ආවේත් නෑ....

මගේ වැලමිට ඩේමියන් තද කරනකොටම උගේ බෙල්ලට කඩුවක් යොමුවුනා....සීතල හුලගක් අපිව පහුකරන් හමාගෙන ගියා.....කඩුව තිබ්බේ අර සෙබලා...මම එයා දිහා බලා හිටියත් එයාගේ මූණ යොමුවෙලා තිබුනේ ඩේමියන්ගේ මූණට...අරූ නොසිතූ වෙලාවක බෙල්ලට පහත්වුන කඩුව නිසා කලබල වුනත් මාව අත ඇරියේ නෑ.....

සෙබලා වචනයක් නොකියා ඩේමියන්ගේ බෙල්ලට අර කඩුව බස්සවනකොට මට ඒකේ වේදනාව දැනෙනවා දැනෙනවා වගේ වුනේ එයා ඒක අරූගේ නහරයකට බස්සවන බව පෙනුන නිසයි....පොලොව දෙදරන්න පටන් ගත්තා....එලියෙන් බිත්ති කඩාවැටෙන්න පටන් ගත්ත බව දැකපු ගමන් මගේ ඇස් ලොකු වුනා....මට එලියට පැනගන්න බැරිවෙනවා නටබුන් අස්සේ හිරවුනොත් එහෙම....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now