🔥හැටඅටවන සඳ🔥

1.8K 341 529
                                    

"කොහොමද මලයන්ඩි?..මල්ලි වුනත් ලෝකෙටම ලොක්කානේ...කොච්චර ලොක්කෙක් වුනත් කිසිම කෙනෙක් පර්ෆෙක්ට් නැහැ...පොඩිම අඩුපාඩුවක් හරි තියෙන්න ඕන...ඇල්ෆා කින්ග්ටත් එහෙම නැත්තම් මොකටද මේ හමුදාවක්?..."

ලුසිෆර් නිහඬයි...ඒ වුනාට ටික ටික වැඩිවෙන එයාගේ කේන්තිය මට දැනෙනවා...කොල්ලෝ ටිකයි අපි එක්ක හිටපු ඇල්ෆා මෙම්බර්ස්ලා කීපදෙනායි මගේ පිටිපස්සෙන් පවුරක් හැදුනේ ඕන දෙයකට ඔට්ටු විදියට.....

සමච්චලෙන් එහෙම කියමින් අපිට ලන් වුනේ ඩේමියන්...අපි ඉස්සරහින් පෙල ගැහුනු ලුසිෆර්ගේ ගල් සෙබලු ඩේමියන්ට ඕනවට වඩා අපිට කිට්ටු වෙන්න ඉඩ දුන්නේ නෑ...

හුඩී එකට යටින් පෙනුන උගේ වියරු හිනාව මාව නොසන්සුන් කලා...මන් ලුසිෆර්ගේ බාහුව තදින්ම අල්ලගත්තා...මගේ නියපොතු එයාගේ හමට කිඳාබහින්නත් ඇති.....ලුසිෆර් ඉන්නකොට මම ඩේමියන්ට බය වෙන්නේ මොකටද...ඒ වුනත් දැඩි මුස්පේන්තු ගතියක් මට දැනුනා....

මුළුමනින් කළු ඇඳගත්තු උගේ සෙබළු වගයකුත් ඌ පිටිපස්සෙන් ආවා...ලුසිෆර්ගේ කුඩම්මා අත් බැදන් මගේ දිහාම බලා හිටියා...මට එයාව මුණගැහුන පලවෙනි දවසේ එයා මට දුන්නේ අමුතු බැල්මක්...අද ඊටත් වඩා අමුතුයි......මේ ගෑණී අපේ සතුට උදුරගන්න ආවාද...මන් රවලා අහක බලාගත්තා....

"අපේ එඩිතර ඇල්ෆා ක්වීන් ෂියාඕ ජාන්...ඔය බඩ ඇතුලේ ඇල්ෆා පැටියෙක් පණ ගහගෙන එනවා නේද...පොඩි ලුසිෆර්ද...පොඩි ජාන්ද...එන එකා කවුරු වුනත් ඌ ලෝකෙ හොල්ලන එකෙක් කියලා කවුදෝ පත බොරු අනාවැකියක් කියලනේ අම්මේ මෙයාලට....තව එකක්...ක්වීනුයි යක්ස පැටියයි අමරණීයයි නේද?...ඒකට හේතුව ඇල්ෆා කින්ග් ක්වීන්ට කියලද තියෙන්නේ?...නැත්තම් මට ඒකත් කියන එක මහ වැඩක් නම් නෙවේ..."

කින්ග්ගේ මූණේ තියෙන්නේ මොන වගේ පෙනුමක්ද කියලා මට බලාගන්නවත් වුනේ නෑ....එයා මාව අල්ලන් හිටපු අත තද කලා...හිතා මතා නෙවේ...එයාට ඉබේටම එහෙම වුනාද කොහෙද....

"කටවහපන්!!!!!....."

ලුසිෆර්ගේ ගිගුරුමට පොලව විතරක් නෙවේ ගේට්ටුවෙන් එහා තිබ්බ ඇකඩමියේ බිල්ඩිමත් දෙදරුවාද කොහෙද...මාවත් ගැස්සිලා ගියා...එයාට කේන්ති ගිහින්...රාක්ෂයා ඇවිස්සිලා....

Alpha Academy (Yizhan)✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin