🔥හැත්තෑදෙවන සඳ🔥

1.9K 346 588
                                    

නාශ්ගේ බියජනක මරණයෙන් මාසයක් ගත වුනේ ඉතාම වේගයෙන්...ඒ ගතවුන කාලේ මට හැඟුනේ ඉඩෝරය නැතිවෙලා වසන්තය ලැබුවා වගේ...ඒ තරම්ම හිත පිරුණා....

බලය තියෙන තැනකට ගෑවුනත් ඇති හතුරෝ ඇතිවෙන්න....එයාලට පුලුවන් ජීවිතයක් උඩු යටිකුරු කරලා දාන්න වුනත්....මට වුනෙත් ඒක..

ලුසිෆර් ඇත්තම ඇකඩමිය පොලොව මතුපිටට ගෙනාවට පස්සේ අපි හැමෝටම දැනුනේ කියාගන්න බැරි සතුටක්...රතු කැලෑවේ ආරක්ෂිතව හිටපු කොල්ලෝ ටිකත් අපි එදාම ඇකඩමියට ගෙන්න ගත්තා...ලුසිෆර් එයාගේ යකඩ සෙබළු සේරමලාව ඇකඩමියේ ආරක්ෂාව තර කරන්න එලියෙන් දැම්මා...

ගේට්ටු දොර ජනෙල් මේ හැම එකක්ම විජ්ජාවෙන් වගේම විද්‍යාවෙනුත් අධි ආරක්ෂිත දොරටු බවට පත් කරන්න එයාට පුළුවන් වුනා...රතු කැලේ පුරාවටම එයා දක්ෂ බීටලාව දැම්මා...මම ඒ කැලේදී අතරමන් වුන දවසක මට උදව් කලෙත් බීටා කෙනෙක්නේ...මේ වෙද්දිත් එරික් නිදැල්ලේ හිටපු නිසා ඌව අවතක්සේරු කරන්න ලුසිෆර් කැමති වුනේම නැහැ....

ඊට පහුවදාම ෂූයෑන්ග් ආවේ නම් හොඳ ආරංචියක් අරන් නෙවේ...මඩ දූවිලි නාගෙන සෙබළු කීපදෙනෙක් එක්ක ආපහු ආපූ ෂූයෑන්ග් කිව්වේ එරික් රට පැන්නා කියලා...ලයිකන් කෙනෙක් මාර්ගෙන් ෂූයෑන්ග්ව නොමග ඇරලා ඌ...ෂූයෑන්ග් එරික් කියලා හිතලා පස්සෙන් ගිහින් තියෙන්නේ වැම්පයර් ලයිකන් එකෙක් පස්සේ....

එරික් රට ගිහින් තිබ්බේ තනියම නම් නෙවේ...ඒ මගේ තාත්තා කියන මිනිහාත් එක්කගෙන...තමන්ගේ පුතාගේ ජීවිතේ අනතුරේ හෙලන්න තාමත් එයා ප්ලෑන් කරනවා....නාශ් ගොඩනගපු අඳුරු බලවේග එක්ක සෙල්ලම් කරලා එරික් කොයි වෙලේක හරි ආයෙ මතුවෙන්න පුළුවන්...ඌ තමන්ගේ අම්මාගෙයි අයියාගෙයි සෙබළුන්ගෙයි මරණවල පලිය ගන්න අපිව හොයාගෙන ඒවි...

තාත්තාට පනිශ්මන්ට් දෙනවා කියලා ස්ථීරසාරව මම හිතුවත් දවසකට හරි ඒ මගේ තාත්තා වෙලා හිටිය කෙනා නේද මගේ අම්මා පණ වගේ ආදරය කරපු මනුස්සයා නේද කියලා හිතෙනකොට එයාව මරන්න සම්පූර්ණයෙන් හිත හදාගන්න එක තවම මට දුෂ්‍කරයි....

සමහරු කියනවනේ දරුවෙක්ට මොන වැරදි දෙමව්පියෙක් කලත් එයාලට සමාවක් හිමී කියලා අපිට උප්පත්තිය දුන් හේතුවටම...මන් ඉපදුනේ ඒ තාත්තා නිසා වුනත් මගේ ජීවිතේ අපායක් වුනෙත් මට අම්මාව අකාලයේ නැති වුනෙත් ඒ තාත්තා නිසා...එහෙම බලාගෙන ගියාම නාශ්ටත් වඩා ප්‍රභල දුශ්ටයෙක් තමයි තාත්තා....

Alpha Academy (Yizhan)✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ