🔥 දහඅටවන සඳ🔥

2.1K 420 580
                                    

මන් එහෙම කියපු ගමන්ම යිබෝ එයාගේ වර්ක් අවුට් එක නවත්තලා මා දිහා බැලුවේ ඇහි බැමක් උඩ දාලා....ඒ බැල්මට ජාන් කොල්ලා සරෙන්ඩර් වුනා පූස් පැටියෙක් වගේ......එහෙම වෙන එක අහන්නත් දෙයක්ද ඉතින් මේට් කෙනෙක් ඉන්නකොට එහෙමයි....මට ඉතින් ජිම් එකට යන්නම ඕන නම් අපේ හොස්ටල් එකේ එකටත් යන්න තිබ්බා.....මෙහෙ ආවේ ජිම් යන්න නෙවේ...අහම්බයකින් වුන අහඹු හමුවීමක් ඉතින්....

එයා මා ලඟට ආවේ ෂර්ට් එක පහත් කරගනිමින්...මගේ මූණ එතකොට නම් මොකක්දෝ වගේ වුනා...මන් මෙයාට අකමැති වුනාට ඒ ඇබ්ස් බලන්න කැමතී...මගේ ඒවට වඩා පොඩ්ඩක් එයාගේ ඒවයේ ගතියක් තියේ...ඒ නැතත් එයාගේ වුල්ෆ් ටැටූ එකටත් මන් ආසයි....එයා ගැන ආස දෙයකට කියන්න තියෙන්නේ එච්චරමයි...

මා ගාවට ආපු යිබෝ මන් එතන නැති ගානට මාව පහු කරලා දොර ලඟට ගිහින් ඒක වහලා ලොක් කලේ මට දොර වහගෙන එන්නවත් සිහියක් තිබිලා නැති නිසයි...

"ආහ්...මේ...මම ඇල්ෆා බින් හම්බෙන්න ආවේ...මේ පැත්තෙන් විසාල සද්දයක් ආවා ඒකයි බලන්න ආවේ...හුඟ දවසකින් මට ජිම් යන්නත් බැරිවුනා...ඒකයි ඇහුවේ ඇල්ෆා...මන් එහෙනම් ගිහින් එන්නම්නේ..."

මනමාලයා බලන්න කාමරෙන් එලියට ආපු මනමාලී වගේ මන් එයා දිහා නොබලා ෂර්ට් එකේ කෙලවරක් අතට පොඩි කරගනිමින් කීවේ හදිසියේ මගේ හිත ඇතුලේ ඇතිවුන කෝල බවකින්...

මම කීවේ සහතික ඇත්තනේ...මට ජිම් යන්න වෙලාවක් තිබ්බෙ නෑ ඇකඩමියට ආවත් හරි...එහෙම කියලා මම තඩියෙක් වෙලා නෑ...තාම හැන්ඩියා....කැලරි දහනය කරගන්න කැලෑ අස්සෙන් දිව්වානේ...මෙයා එක්ක තනිවෙනකොට මෙයා දිහා බලන්න බැරි අමාරුවක් මට එනවනේ...යකෝව් මෙච්චර ලස්සන කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්න අමාරු එකෙක් කියන්නේ මම ලේසි පුත්‍රයෙක් වෙන්ඩ බෑ...මෙයාගේ රතු වුල්ෆ් එක්ක ගනුදෙනු කරන එක මෙයා එක්ක කතා කරනවට වඩා ලේසියි....

"ඔතන හිටන් ඉදන් වර්ක් අවුට් කරන්න බෑනේ...මොනාද කරන්න ඕන?..."

අඩේ මේ වොයිස් එකත් එක්ක බෑ..මට උන් හිටි තැන් පවා අමතක කරවනවනේ...ඇකඩමියෙ ඉන්න කොල්ලෝ හැමෝටම වගේ ඩීප් වොයිසස් තියෙනවා...ඒත් කින්ග්ගේ වොයිස් එක ඒ ඕරා එක වෙනම ලෙවල් එකක්...තමන්ගේ පාසලේ ප්‍රධානියාට ගරු කරන එක එයාව අගය කරන එක වරදක් නෙවේ නේද?...මන් දැන් මේ කරන්නෙත් ඒක තමා...වැරදියට හිතන්න එපා....

Alpha Academy (Yizhan)✅Wo Geschichten leben. Entdecke jetzt