🔥හැත්තෑනවවන සඳ🔥

1.9K 361 462
                                    

මම හීනෙන්වත් හිතුවේ නෑ අවුරුදු පහකට පස්සේ ජීවමාන වුන මගේ කින්ග් කියන මුල්ම වදන් ටික මාව අමතක බව කියලා...එයාගේ කටින් උබ කවුද කියන එක පිටවුනාම මගේ ලෝකෙම කඩන් වැටුනා...

මගේ දෛවය මෙච්චර නපුරුද?...එයා මගේ දිහා තියුණුව බලා හිටියේ පිටස්තරයෙක් ගානට....ඇල්ෆා කින්ග්ව මට මුලින්ම හම්බුන දවස්වල එයා කතා කලේ බැලුවේ අද වගේමයි...බැරිවෙලාවත් අපි ආයෙම අපේ කතාවේ මුලටම ගිහින්ද?...

අනේ දෙවියනේ මේ මොන වගේ පරීක්ෂණයක්ද?...මට හිතාගන්න බැරි වුනා කරන්නේ මොනවද කියලාවත්..අවුරුදු පහක් තප්පර පැය වලින් ගත්තාම දහස් ලක්ෂ මොහොතක් මම එයා එනකම් බලා හිටියා...එයා ආවා මගේ ප්‍රාර්ථනා ඉශ්ට කරලා..ඒත් එයාට මාව...එයාගේ ආදරේ මතක නැහැ....මම මහ පව්කාරයෙක්....

මගේ කම්මුල් දිගේ කඳුලු ගලා ගියා...සතුටු කඳුලු එක්ක මිශ්‍රවුන දුක් කඳුලු....මට තේරෙන්නේ නෑ මම මොනා හිතන්න ඕනද කියලවත්....

"කතා කරපන්...කවුද උබ?...කවුද උබට මගේ කාමරේට එන්න දුන්නේ?...උබ දන්නේ නැද්ද මන් ඇල්ෆා කින්ග් කියලා...ආහ්?..."

කිසිම හිතක් පපුවක් නැති ගානට එයා කතා කලේ හුඟාක් ගැඹුරු හඬකින්...අවුරුදු පහකට කලින් හිටපු ලුසිෆර්ට වඩා එයාගෙන් බලගතු බවක් මට දැනුනා...එයාට මාව මතක නැහැ....පොඩ්ඩක්වත් නැහැ...

"කින්ග්...මම ඔයාගේ ක්වීන්...මේට්...ජානූ...ඔයාගේ ආදරේ ජානූ මගේ ඇල්ෆා....ඔයාට අවුරුදු පහකට පස්සේ අමතක වුනාද?...ඔයා දිග නින්දක හිටියේ ...ඔයා ගියාට පස්සේ මම තනි වුනා සෑහෙන්න...හුඟාක් දුක් වුනා පණ...අද ඔයා ආයෙම මන් ගාවට ඇවිත් මගෙන් අහනවා මන් කවුද කියලා...ඇයි එහෙම?...අපේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද?...ඔයා ගියාට පස්සේ මගේ සෙන්ට් එක වෙනස් වුනා...පරණ හුරුපුරුදු සුවඳ ඔයාට මගෙන් දැනෙන්නේ නැතුව ඇති...ඒ වුනත් මම පරණ ජානූමයි ඔයාගේ...."

මම ඉකි ගහමින් එයාට කියාගෙන ගියේ ඒ හුරුපුරුදු දම් පාට ඇස්වල ගිලෙන ගමන්....එයා දෑස් හීන් කරන් මන් දිහා බැලුවේ අවිශ්වාසෙන්.....

මම එයාගේ කම්මුලක් අල්ලන්න අතක් දිගු කරනකොටම එයා මගේ මැණික් කටුවෙන් තද කරලා අල්ලගත්තේ ඒක කැඩිලා යන තරම් ලොකු ග්‍රහණයකින්....එයා මාව අල්ලපු ගමන් ඇඟ දිගේ විදුලියක් යනවා වගේ දැනුනා මට...අවුරුදු ගානකට පස්සේ එයාගේ උණුසුම් ස්පර්ශය මාව පිස්සු වැට්ටුවා....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now