🔥හැටදෙවන සඳ🔥

1.7K 341 378
                                    

දොර ඇරියාම එතන හිටපු කෙනා දැකලා සැනසුම් සුසුම් හෙලුනත් ඒ එක්කම වගේ හිතේ දෙගිඩියාවකුත් ඇතිවුනා....ලුසිෆර් මගේ ඉස්සරහ නොහිටපු එක ගැන සැනසීමක් ඇති වුනත් මම මේ දැන් හිත හිත හිටපු කෙනා මගේ ඉස්සරහ හිටන් ඉන්නවා දැක්කාම පොඩි අමුත්තක් නොදැනුනාමත් නෙවේ....

ඇවිත් හිටියේ බින්...එයා මොකද මෙතන මේ වෙලාවේ කරන්නේ අහන්න වගේ මන් දෑස් හීන් කරන් බලන් හිටියේ පපුවට අත් බැඳගෙන...එයා තියා කා එක්කවත් කතා කරන මූඩ් එකක නෙවේ මන් හිටියේ...අද වෙනකම් මට හානියක් පමුනවන දෙයක් මගේ ඇස් පනාපිට බින් කරලා නොතිබුනත් මට හිතට දැනුනේ අමුතු චකිතයක්....මගේ මතකෙ හොල්මන් කරන්න අරන් තිබ්බ එයාගේ කහ පාට ඇස් මගේ හිතේ එයා ගැන තිබ්බ විශ්වසනීයත්වය ටිකක් විතර හොලවලා දාන්න සමත් වුනා....

"මට ඇතුලට එන්න අවසරද ලූනා?.."

ටිකක් විතර කලබල ගතියකින් බින් කීවේ මන් අවසර දෙන්නත් කලින්ම කාමරේ ඇතුලට ඇවිත් දොර වහන ගමන්..එයාගේ කටහඬත් ටිකක් වෙනස් වෙලා...

ඇතුලට ආපු ගමන්ම එයාගේ රූපේ වෙනස් වෙන්න පටන් ගත්තේ මාව අන්දුන් කුන්දුන් කරලා...

එතන හිටියේ බින් නෙවේ...කිව්වට විශ්වාස කරන්න පුලුවන්ද මන් ඉස්සරහ හිටන් හිටියේ මැක්ස්!

"මොන විගඩමක්ද උබ මේ නටන්නේ මැස්සෝ?...මොකද උබ බින් වගේ වෙස් වලාගෙන මගේ රූම් එකට රින්ගුවේ?...කින්ග්ට අහුවුනා නම් උබේ කෑලි හොයන්නත් නැතිවෙයි...."

"මට සමාවෙන්න ලූනා...මන් කින්ග්ගේ පැත්තේ එකෙක්....අද මට මේ රිස්ක් එක අරන් මේ ගමන අනිවාර්යයෙන්ම එන්නම වුනා...කින්ග්ව පිලිගැනීමේ උත්සවෙත් ඔය දෙන්නා එතනින් ගියාට පස්සේ කැන්සල් වුනා...ඇල්ෆා බින් ඇකඩමියෙන් පිට ඉන්නේ මෙවෙලේ....මන් වෙස් වලාගත්තු එක වැරදියි තමා...ඒත් මම ඒක කලේ ඔයා වෙනුවෙන්....ඔයාට මන් ගැන නොකියපු දේවල්...ඔයා මන් ගැන නොදන්න දේවල් හුගාක් තියෙනවා...ඔයාගෙයි මගෙයි හමුවීම...ටෲ බ්ලූ කොලේජ් එකේ අපි එක පන්තියට වැටුන එක...ඇකඩමියේ එකම බැච් එකට සෙට් වුන එක කිසිසේත්ම අහම්බයක් නෙවේ...."

තව රහසක්...මන් පුදුම වෙන්න පුදුම විල්ලේ හැටියට තව මට ශොක් වෙන්න තරම් පණක් නෑ...මෙයාට රහසක් නොතිබ්බොත්නේ පුදුමේ....මන් වෙනුවෙන් දිවි පරදුවට තියලා වැරදි කරන එවුන් එමටයිනේ බලාගෙන ගියාම....මා එක්ක සෙල්ලම් කරන්න එපා කියන්න වගේ බැල්මකින් මන් ඌ දිහා බලා හිටියා...ඌට අනුව මේකා හිතාමතාමයි මා එක්ක යාළුකම් ගොඩනගාගෙන තියෙන්නේ..මාරයි...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now