🔥තිස්හයවන සඳ🔥

1.7K 380 202
                                    

මම හවුස් එකේ දොර කඩාගෙන යනකොට එලියේ හිටපු ඇල්ෆා ගාඩ්ස්ලා මාව නවත්තන්න ඉස්සරහට පැන්නත් උන්ට මාව නවත්තනවා තියා හිතන්නත් බැරිවුනා....මට දැනෙනවා මගේ ඇඟ ගිනිගන්නවා වගේ...පුදුම ශක්තියකුත් ඒ අතරෙන් ඇඟට දැනීගෙන ආවා.....

"ලූනා!!! කියන දේ අහන්න...ඔයාගේ අණ වැදගත් වුනත් ඊටත් වඩා කින්ග්ගේ අණ අපිට පිලිපදින්න වෙනවා...තේරුම් ගන්නකෝ....ඔයාට අගෞරව කරනවා නෙවේ....ඔයාව බේරගන්නයි හදන්නේ...අපි මුලදි හිතුවට වඩා දරුණු තත්වයකට කින්ග්ගේ ශාපය හැරිලා අවසානයි...කින්ග්ට ස්වභාවයෙන්ම ඒකෙන් ගොඩ එන්න දෙමු අපි....හරිද?..."

බින් මගේ මඟ හරස් කරලා දුවන් ඇවිත් කීවේ බැගෑපත්ව...මට බින්ගේ මූණ කුඩු වෙන්න ගහන්න පවා හිතුනා....

"මගේ කින්ග් ලඟට මන් යනවාමයි....බින් මාව උබ එක්ක යන්න ඕන එහෙමත් නැත්තම් උබේ කාර් එක අරන් මන් යනවා...."

මගේ කටහඬ පවා වෙනස්වෙලාද කොහෙද...මට දැනුනේ මාව වෙනස්ම ලෝකෙකට පාවෙලා යනවා වගේමයි....මට මොකක්දෝ වෙනවා...වෙනදට රට් එක එනකොට වෙනවට වඩා වෙනසක් ඇඟේ වේගෙන එනවා.....

"බින් කියන්නේ ඇත්ත.. .ප්ලීස්...අපි මෙච්චර බැගෑපත් වෙන නිසාවත් අහන්නකෝ ලූනා...කින්ග් අපිට ඔයාව එයාගෙන්ම පරිස්සම් කරන්න කීවා...එයා ඔයාට රිද්දයි...."

ෂූයෑන්ග් පිංසෙන්ඩු වෙන්න ගත්තේ බින්ට නොදැවෙනි වෙන විදියට....කවුරු කිව්වත් කියන දෙයක් අහන්න තරම් මට හිතක් නෑ...මන් කොහොමත් මුරණ්ඩුයි කියලා මෙයාලා මේ වෙනකොට දැනගෙන ඉන්නම එපැයි......

"එයා මට රිද්දුවට කමක් නෑ...එයා මගේ සැමියා...එයාට අයිතියක් තියෙනවා මන් ගැන...."

මන් දන්නවා අද ගන්න තීරණය මහ භයානක දෙයක් වෙන්න පුළුවන් කියලත්.....ඒත් මට හිතට ඇවිත් තියෙන ගැම්ම හරියට මම ඩ්‍රග් එකක් අරන් වගේ...අනේ මට තේරෙන්නේ නෑ...

"ලූනා ඔයා ඔහොම නෙමෙයි කොහොම කෑ ගැහුවත් මේ ඇකඩමියෙන් එලියට අඩියක් තියන්න ඔයාට බෑ!!!!...."

බින් මට චැලේන්ජ් කරන හඬකින් තර්ජනය කෙරුවේ මාව කොටු කරන්න මායාවකින් කූඩුවක් වගේ එහෙකින් මාව වට කරමින්...එයා මැජික් කාරයෙක් එහෙනම්...මට තරහයි..ඒ මදිවට හොඳටම දාඩිය දාන්න ගත්තා....මට කින්ග් ලඟට යන්න එයාට තුරුල් වෙලා ඉන්න ඕන කියලා දැඩිව දැනෙනවා...පිස්සු වගේ මට....තවම අද දවසට හිරු උදාවෙලා පැය කීයද ගියේ...පහුගිය සති ගානේම නිස්කලංකව හිටපු මගේ ඔලුවට අද හෙනයක් කඩාපාත්වුනා වගේ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now