🔥විසිවන සඳ🔥

2.1K 446 672
                                    

නාශ්ව දැකලා ගල් වුන මම තව පුදුම වුනේ ෆීනික්ස් හදිසියේම මට කතා කරපු නිසා ඒකත් මේට් ලඟට යන්න ඕන කියලා...අර ආපු සෙන්ට් එකයි ෆීනික්ස්ගේ කතාවයි නිසා මාව කන්ෆ්‍යුස් වෙලාම ගියා...මගේ මේට් නාශ් වෙන්නේ කොහොමද? මට ඉන්නේ එක මේට් කෙනයි...කින්ග් විතරයි....

නාශ් මා දිහා බලා හිටියා විතරයි...ඒ එක්කම මට දැනුනා අර හිටි ගමන් දැනුන සෙන්ට් එක නොදැනී යනවා...මොකක්ද අප්පේ ඒ වුනේ?....නහය අවුල්ද මගේ?...මම නහයත් අල්ලලා බැලුවා ඒ ඩිංගට.....

ඒ එක්කම මට පිටිපස්සෙන් ඇහුනේ බින්ගේ හඬ....

"ජාන්...ජාන්...ඔතන මොකක්ද කරන්නේ?...තරඟේ පටන් ගන්න ලඟයි...යන්න ඇතුලට...කින්ග් ඔයාව හෙව්වා...."

"ආහ් මොකක්?....කින්ග් මාව හෙව්වා?...මම මේ---"

මම බින් දිහාවට හැරිලා කියනකොටම බින් මා දිහා බලා හිටියේ මට අං ආපු ගානට...ඔව් ඉතින් අං එන්නත් බැරි නෑ මේ වෙන දේවල්වල හැටියට...එයා දිහා බලලා මන් නාශ් ගැන කියන්න හදලා ආපහු නාශ් ඉන්න පැත්ත බැලුවා...ඌ හිටියේ නෑ...ඒ ටිකට මූ කොහේ අතුරුදහන් වුනාද?....

"මොකද මේ මේ ගාන්නේ?..."

"ම..මට කෝල් එකක් ආවා...සිග්නල් නැති නිසා මෙතනට ආවේ...යමු..."

තව එක පාරක් කැලෑව දිහා බලපු මම බින් එක්ක යන්න සූදානම් වුනේ නාශ්ව දැකපු බව එයාට නොකියා...කොහොමත් ඕක කිව්වා කියලාත් මෙයා මට නාශ්ව ඇකඩමියෙන් පන්නපු හේතුව කියන එකක් නෑ...

ඔක්කොමත් හපන් ෆීනික්ස් කතා කරපු එක...එයා මේට් කීවේ කාටද?...නාශ්ට වෙන්න බෑ...කින්ග් ලඟදී වගේ හැඟීමක් මට නාශ්ගෙන් දැනෙන්නේ නෑ...ඒ විතරක්ම නෙවේ...මට මේට්ස්ලා දෙන්නෙක් ඉන්න විදියකුත් නෑ...මම සාමාන්‍ය ඇල්ෆා කෙනෙක් විතරයි.....ෆීනික්ස් කොල්ලා ලියෝටවත් කතා කලාද?...ඒත් ඇයි එහෙම?...කින්ග් ලඟ පාතකවත් හිටියේ නෑනේ...අයියෝ සාමී!!!

"ජාන් මොකෝ හැමවෙලේම කල්පනා ලෝකෙට යන්නේ?...ඔයා ගින්දර එක්ක සෙල්ලම් කරලා පිච්චෙන්න එපා...."

"ඇල්ෆා බින් මොකක්ද ඒකේ තේරුම?..."

එයා කියපු කතාව මට ඇල්ලුවේ නෑ.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now