🔥හැටවන සඳ🔥

1.9K 356 375
                                    

ලුසිෆර් අල්ලන් ඉන්න මගේ අත වෙව්ලනවා මට තේරුනත් මම එයා දිහා නොබලාම එයාගේ වේගෙට අඩි තියමින් ඉස්සරහට ඇදුනා...එයාට මගේ ටෙන්ශන් එක දැනෙනවාත් ඇති.....

එයා මාව කොහේ එක්කන් යනවද මගෙන් මොන වගේ ප්‍රශ්න අහයිද කියන එක ගැන මට නිනව්වක් නෑ....අපි ග්‍රවුන්ඩ් එකෙන් පිටවෙලා යනකම්ම එකෙක් ඔලුව උස්සලා අපි දිහා බැලුවේ නෑ....උන් හැමෝම හුස්ම ගන්න හෙලන හඬවල් හැරෙන්න උන්ගෙන් වෙන හඬක් නැගුනෙත් නෑ...ලුසිෆර්ට චැලෙන්ජ් කරන්න පුළුවන් එකෙක් තාම ඇකඩමිය ඇතුලේ නෑ...උත්සවයට ඉන්නේ නැද්ද කියලා අහන්න බින්ලාටවත් හැකියාවක් තිබ්බේ නෑ....ඩේමියන් කිව්වේ බොරුවක් කියලා මට දැන් ශුවර්..මෙහෙම තේජසක් තියෙන රජෙක් බොරු ටෲ බ්ලඩ් කෙනෙක් වෙන්නේ කොහොමද....

එයා එක්කම මාත් ප්‍රශ්න අහන්නේ නැතුවම ගියා...එයා මුද්ද ගැන අහයි කියලමයි මට හිතුනේ....අපි කතා නොකරම ආවේ ඇල්ෆා හවුස් එකේ එයාගේ ඔෆිස් රූම් එකට....එයා මගේ අත අල්ලන් ආවෙම මල් පෙත්තක් ගානට.....එයාගේ අල්ල උණුසුම්...මගේ අත අයිස් කුට්ටියක් වගේ සීතලම සීතලයි....

එකම එක වෙලාවකවදිවත් එයා තද කලේ නෑ අල්ලන් හිටපු මගේ අත...ඒ වුනත් එයාගේ මූණ කිව්වේ හාත්පසින්ම වෙනස් කතාවක්....එයා තරහින්ද කලකිරීමෙන්ද ඇත්ත දැනගෙනද නැද්ද කියලා එයාගේ මූණ බලලා මට කියවගන්න අමාරු වුනත් මට තේරුම් ගියා එක දෙයක්....ඒ එයාගේ පෙනුම මට පණ බයක් ඇතිකලා කියන එක....

මම පණ මෙන් ආදරය කරන කෙනාට අද මම පණ බයයි....බය මගේ අතේ වැරැද්දක් තියෙන නිසා නේද කියලා කෙනෙක් ඇහුවොත් මට ඔව් කියන්න වෙනවා.....

ඔෆිස් රූම් එකට ආවට පස්සේ එයා මගේ අත අත් හැරලා දොර වහලා ලොක් කලා...ඒක පොඩි ක්‍රියාවක් වුනත් මාව ඒකෙන් බයටම පත්වුනා...මම එයා ගාවින්ම හිටගෙන ඇඳගෙන හිටපු ස්වෙටර් එකේ අගිසි පොඩි කරමින් බිම බලාගෙන හිටියේ එයාව මුලින්ම මුණ ගැහුනේ අද ගානට...මට මේ මක් වෙලාද?..ඔලුව උස්සලා එයා එක්ක කතා කරන්නත් මන් පැකිලුනා...මගේ හස්බන්ඩ් එක්ක වචනයක් කතා කරන්නත් මන් පැකිලෙනවා....

එයා මගේ උරහිසකින් අතක් තිබ්බා...එතකොටයි මම ඔලුව උස්සලා බැලුවේ...වෙනදා මම දැකපු දම් පාට ඇස්මයි තිබුනේ....කවදාහරි දැනිලා තියෙනවද හැමදාම දකින කෙනා හැමදාම අඳුනන කෙනා ඒත් වෙනස් වෙලා ඉන්න මොහොතක්?...මේත් ඒ වගේ එකක්..ප්‍රශ්න ගොඩක් අහන්න වුවමනා වුනත් ඒවා අහන්න දිව නැමෙන්නේ නැති මොහොතක්......

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now