🔥දසවන සඳ🔥

2K 436 312
                                    

මන් ජීවිතේට හිතුවේ නෑ එයාට අත උස්සන්න වෙයි කියලා...මන් ගෞරව කරන මගේ ඇකඩමියේ ප්‍රධානියා...මගේ වල මමම කපාගන්නවා වගේ වැඩක් වුනාද මන්දා ඒක....මම නොදන්න මට නොතේරෙන හේතුවකට මගේ හිත හොල්ලපු ඇල්ෆා රුව එයා....

ඒත් එයාලා අද තරඟවල නාමයෙන් සදාචාරාත්මක සීමාව පැන්නා...ඒක ටූ මච්...එයාලට කිසිම අයිතියක් නැහැ අපේ ජීවිත අනතුරේ හෙලන්න...තරඟ වලින් හෙම්බත් වෙලා හිටපු අපිට විවේකයක් ගන්නවත් මේගොල්ලෝ ඉඩ තිබ්බේ නෑ...හරිම අසාධාරණයි....

අපේ සන්තකේ තිබ්බ හැමදේම එතන ගිනිබත් වෙලා ගියේ පණයි ඇඳිවතයි පමණක් ඉතුරු කලා...අනික් ස්ටුඩන්ට්ස්ලාට එයාලගේ පවුල්වල මතක තව වටින දේවල් එහෙමත් තියෙන්න ඇති හිටපු කාමරවල..ආයේ ඒවා ගන්න බෑ....

මට පෙනුනා අපි පිටිපස්සෙන් හිටපු ලමයි ශොක් වෙලා අපි දිහා බලා ඉන්නවා...එයාලා පුදුම වෙලා කසුකුසු ගානවාත් මට ඇහුනා....ඇකඩමි ස්ටුඩන්ට් කෙනෙක් ඇල්ෆා කින්ග්ට ගහන්න ගියා කිව්වම ඒක ලොකු නිව්ස් එකක්....ඇල්ෆා මෙම්බර් කෙනෙක් දිහා පවා කෙලින් බලන්න ලමයි බයයි....ඉතින් මන් කරන්න ගියේ එසේ මෙසේ වැඩක් නෙවේ....

ඇල්ෆා මෙම්බර්ස්ලා පවා අපි දිහා බලා හිටියේ කිසිවක් අදහාගත නොහැකිව...දැන් නම් මට සීයට සීයක්ම ශුවර් ඇකඩමි එකෙන් මාව එලියට විසිවෙනවා ඇල්ෆා කින්ග්ට අත උස්සපු වරදට....මන් එහෙම කලේ හේතුවක් ඇතිව...පසුතැවෙන්නේ නෑ මන් කොහෙත්ම ඒ ගැන....ඔයාලම කියන්න මන් කලේ දඬුවම් ලබන්න ඕන වරදක්ද?

සල්ලි බලය පිරිස් බලය සුපිරි ශක්තියක් තියෙන ඇල්ෆා යීබෝ වගේ රජෙක්ට ලේසියෙන්ම හැකී මාව මේ ලෝකෙන්ම තුරන් කරලා දාන්න කුණු රොඩ්ඩක් වගේ...එයාට මන් තව එක ඇල්ෆා ස්ටුඩන්ට් කෙනෙක් විතරයි.....එයාගේ බලපුලුවන්කාරකම ඉස්සරහ මගේ බලය හැකියාව පයට පෑගෙන දූවිල්ලක් තරම් නොගිනිය හැකියි....ඒ මොනා වුනත් අසාධාරණය දැක දැක ඉවසන්න මට බෑ....කවදාහරි පැක් එකක් ලීඩ් කරන්න ඉන්න ඇල්ෆා කෙනෙක්ට බියගුළුකම ගැලපෙන්නේ නෑ....

ඇල්ෆා යිබෝගේ ඇස්වල එවේලේ තිබ්බ පෙනුම මට විස්තර කරන්න බැරි තරම් භයානකයි.....මගේ මිට මෙලවුනු අත වටා තිබ්බ එයාගේ අතේ ග්‍රහණය එන්න එන්න වැඩිවුනා...මට හිතුනෙම මගේ අස්ථියක් දෙකක් එවේලෙම බිඳෙයි වගේ....වේදනාවක් දැනුනත් මම මූණෙන් ඒක නොපෙන්වා හිටියේ මුව ඇතුලේ දත්මිටි කමින් වේදනාව දරා ගනිමින්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now