🔥හතලිස්හත්වන සඳ🔥

1.7K 392 364
                                    

භාසුර මා දිහා බලා හිටියේ අණක් ලැබෙනකම්...එයාට විධානයක් දෙන්න තියා කර කියාගන්න දෙයක් නැතුව මම හිටියේ...මඟ හිටියත් නසින ගෙදර ගියත් නසින ප්‍රශ්නයක් තමා මටත් වුනේ....

ලුසිෆර්ට මෙවේලේ මූණ දෙනවා කියන්නේ ආයේ මට කිසිම ගැලවීමක් නෑ....එයාගෙන් පැනලා ගියාමයි කියමුකෝ...කොයි වෙලේ හරි ආයෙම එයාගෙ අතට අහු වුනොත් කොහොමත් මට සමාවක් නම් නෑ...මට බයයි...මෙතනින් එහාට මම කොයි පාර තෝරගත්තත් පනිශ්මන්ට් එකේ බරපතලකම අඩු එක තෝරගන්නවා මිසක් ඒකෙන් ගැලවෙන ඔප්ශන් එකක් මට නැහැ.....මන් පසුතැවෙනවා මේ විකාර ගමන ආපු එක ගැන දහස්වාරයක්ම....

"රැජිණියනි...ඔබ ඉක්මන් තීරණයක් ගතයුතු වෙනවා...අපට යායුතු වෙනවා...මගේ දිවි ඔබ මොන තීරණය ගත්තත් තොර වීමට ඇති ඉඩකඩ වැඩී....රජු මාව මරා දමන්නට හැකියි...වසර දෙසීයකට වඩා ජීවත් වූ මට රජුට පක්ෂපාතී යටත්වැසියෙක් ලෙස රැජිණව සුරකිමින් මිය යන්න වෙන එක ආඩම්‍බරයට කරුණක්..මම හිත එකඟ කරගෙන අවසානයි...අවසන් හුස්ම පොද තෙක් ඔබ සමඟ මම සිටිනවා...."

භාසුර මගේ ගාවට ඇවිත් ස්ථීර ස්වරයකින් කියනකොටත් මන් ගල් ගැහිලා හිටියේ මොකක්ද කරන්නේ කියන එක පිලිබඳ අවසන් විනිශ්චයකට එලඹෙන්නේ නැතුවමයි.....

"මන් දන්නේ නෑ භාසුර මොනවා කරන්නද කියලා...හුගාක් ස්තූතියි ජීවිතේ නොසලකා මට උදව් කරනවට...ඒ වුනාට තව දුරටත් මාත් එක්ක ඉඳලා අමාරුවේ වැටෙන්නේ නැතුව පණ බේරන් යන්න ඔයාවත්...මොනවා වුනත් මගේ සැමියා මාව මරන්නේ නෑ...එයා දෙන ඕනම දඬුවමකට මට යටත් වෙන්න පුළුවන්...මම එයාගේ රැජිණ...එයා මට ගොඩාක් නපුරු වෙන එකක් නෑ භාසුර....මම අම්මෙක් වෙන්නනේ යන්නේ....අම්මා කෙනෙක්ට නපුරු වෙන්න කාටවත්ම බෑ...නේද?...."

මම හිටපු තැනින් නොසෙල්වී හිටියේ මෙතනින් අඩියක් එහාට තියෙන්නේ කොයි දිශාවටද කියන එක ගැන නිනව්වක් නැති නිසා....මම බලාපොරොත්තු දල්වාගෙන භාසුරට කියද්දී එයා දුකින් බලා හිටියා....අගුටුමිට්ටොත් දැන් මට අනුකම්පා කරනවා....දෛවයේ සරදම්....

"එහෙත් රැජිණියනි...ඔබව තනි කර යෑම කළ නොහැකියි...ඔබේ අණට පිටින් මා යන බැව් සිතන්න එපා....ඔබ මෙහි ආරක්ෂිත නැහැ...රජු ඔබේ රැකවරණය තහවුරු කරන පුද්ගලයා විය යුතුව තිබුණද ඔහු අද පැමිණෙන වියරුවෙන් ඔබව රකීද කියා මට සැකයි....කරුණාකරලා දරුවා පිලිබඳවවත් කල්පනා කොට මා සමඟ පැමිණෙන්න....ඔවුන් ලඟ ලඟම එනවා...එක් පසෙක රජු සහ ඔහුගේ සේනාව අනික් පසින් ඔබේ සතුරු කඳවුර....අපි දෙපිරිසම මග හැර පහත් නිම්නය දිශාවට දිව යමු...තවත් මා වැනි ජනතාව එහි සිටිනවා...තාවකාලික නවාතැනක් ඔබට සොයා දෙන්න මට නොහැකි නොවේ...."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now