🔥තිස්තුන්වන සඳ🔥

2.1K 412 263
                                    

ෂූයෑන්ග් එක්ක වුන කතාවෙන් පස්සේ මම ටිකක් ගොළු වුනා....එයාට අනුව යිබෝගේ නෑයෙක් තමා අපේ ජීවිතේ අඳුරු කරන්න බලාගෙන ඉන්නේ...නම කියන්න තහනම් කිව්වේ නම කිව්වොත් එයා මතු වෙයිද....ඇකඩමිය මහ ගුප්තයි අප්පා....මගේ පෙලපත ගැන හොයන වෙලාවෙම යිබෝගේ පෙලපත ගැනත් හොයන්න වෙයි වගේ..

සතියක් ලුසිෆර් මගෙන් ඈත්වෙලා ඉන්නවා මම නොදන්න හේතුවකට....එයා ඉන්නේ හැඟීම් පාලනය කරගන්න බැරිවෙයි කියලා නම් ඒකෙනුත් මට තේරෙන්නේ එයා මන් ගැන හිතනවා කියන එකයි....ලුසිෆර් ඇතුලේ යිබෝට තවම අවස්ථාවක් තියෙන හැටියක් පේන්නේ....ඔක්කොමත් හරි ලුසිෆර් මට ලෑස්ති වෙලා ඉන්න කියපු දේ මතක් වෙද්දී මගේ බොක්ක රත් වෙනවා...එයා මාත් එක්ක හනිමූන් යයිද ඇත්තටම?.....

ඊලඟ සතියට පස්සේ උදාවෙන පුරහඳ මාව නැති කරලම දායිද මන්දා....එදාට ලුසිෆර් එනවා....යිබෝගේ අම්මා එනවා...එයාගේ පවුලේ අය මට මුණගැහෙන්න වෙනවා...අර දොස්තරවත් මුණ ගැහෙන්න තියෙනවා මට...අනේ මට නම් බෑ....රාජකීය වෙදා කියන්නේ සෙල්ලමක් නෙවේ....අනිවාර්යයෙන්ම ඩ්‍රෝනාගේ බෙහෙත වැඩ කරලා තිබ්බොත් අහුවෙනවාමයි...ඒ ගෑණු කෙනා ගැන මට තවම සැකයක් නම් නැහැ....

ලමයි හැමෝම ඉස්සරහ රැජිණක් කියලා මාව හැඳින්වෙනවා එදාට....මට ඔටුන්නක් දාන්නත් වෙයිද දන්නේ නෑ....මගේ ඔලුව සයිස් එකට තියෙන ඔටුනු හරියයිද?...කෙල්ලෙක් වෙනුවෙන්ද දන්නේ නෑ දැන් හදලා තියෙන එක තියෙන්නේ....කෙල්ලන්ගේ මොලේ වගේම ඔලුවත් පොඩිනේ....හැබැයි පොඩි මොලවලින් උන් කරන වැඩ නම් පොඩි නෑ.....

ෂූයෑන්ග් උගුර පාදන හඬින් මන් පියවි ලෝකෙට ආවා....එයා මගේ බඩු ටික දීලා තව සුපිරි කාමරේකුත් දීලා ගියා....මට තියෙන සැප....බම්ප් වෙන මෙට්ටයක් තියෙන වියන් ඇඳක් හම්බවුනා...කින්ග්ගේ රූම් එකට වඩා ටිකාක් පොඩි වුනාට මට ඕනවටත් වඩා සැප පහසුවක් ගෙන දුන්නා අලුත් කාමරය....මරු අප්පා මේක....තරඟ කරලා ගත්තු හොස්ටල් එකේ මාස්ටර් බෙඩ්‍ රූම් එක මොකක්ද කියලා හිතෙනවා මේකත් එක්ක කම්පෙයාර් කරලා බැලුවාම.....අපරාදේ අඬු කඩාගෙන ලේ පෙරාගෙන රාජේෂ්ටත් ගහලා මාස්ටර් බෙඩ් රූම් එක ගත්තේ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now