🔥හැටතුන්වන සඳ🔥

1.7K 335 318
                                    

මම ලුසිෆර් ලඟට බයෙන් බයෙන් අඩිය තිබ්බේ කලින් හිතේ තිබ්බ ගට්ස් නැතිවෙලා යාමත් එක්කමයි....ෆිනී අන්තිමට කියපු කතාව නිසා මට එවෙලෙම මගේ ඇඳුම ගලවලා අර මාර්ක් එක මතුවෙලාද කියන එක බලාගන්නම හිතුනා....දැන් ඒකට වෙලාව නෙවේ....ලුසිෆර් ඕක දැක්කොත් මට බෙල්ල කපාගන්නයි වෙන්නේ....

මගේ අවාසනාව....මට ඇඬෙන්න වගේ!!...ලුසිෆර් ගාවට තියෙන හැම පියවරක්ම මට බරක් වෙලා දැනුනා...එක්කො මන් එයාට ඩේමියන් එක්ක සිද්ද වුන හැමදෙයක්ම කියලා හිත නිදහස් කරගත්තා නම් හරි...එයා කොහොමත් මට පනිශ්මන්ට් එකක් දෙන්න නම් යන්නේ ඇත්ත කියලම ඒක විඳින එක හරිනේ....පසුතැවීමකුත් නෑ...

"උබ මොකද ලතවෙන්නේ?...ඉක්මනටම අඩිය තියාගන්නත් උබට දැන් බැරිද කට පණ ගහලා තිබ්බට?..."

ලුසිෆර් කෑ ගහනවා...දැන් නම් එයාට තරහා ගිහින්...මන් බය වුනාට ෆිනී නම් ඉන්නේ ලුසිෆර් එක්ක ගේමට යන මූඩ් එකෙන්...ෆිනී ඉන්න බව දැනුනට ඌ සද්ද නෑ....

කින්ග් තව මොකුත් කියන්න කලින් මන් එයාගේ පාමුල වැටුනා...

"ලුසිෆර්...ඔයාට දැනගන්න ඕන ඇත්ත දැන් මම කියන්නම්...මේක කියන්න මම පරක්කු වැඩිද නැද්ද කියන්න මන් දන්නේ නෑ...කලින් මේක කිව්වෙ නැත්තේ ප්‍රශ්නෙ ඉවරයි කියලා හිතපු නිසයි...ඒත් ඒක ඉවර වෙලා නෑ...ඔයාට දැනගන්න ඕනම නිසා මන් කියන්නම්...මන් එදා අඹ යායට ගියාම එරික්ගේ අයියා එතනට ආවා...මගේ මුද්ද අඹ අත්තක පැටලිලා ගැලවිලා ගිහින් මට ලොකු වේදනාවක් දැනුනෙ ඊට ටිකකට කලින්...මට තේරුනා ඌ හොඳ එකෙක් නෙවේ කියලා...ඔයා මට ආදරෙන් දීපු මුද්ද පරිස්සම් කරගන්නත් මට බැරිවුනා ඇල්ෆා...පුලුවන් නම් මට සමාවෙන්න...ඒකාට නමක් නෑ කීවා...පස්සේ ඌ වෙන නමක් දාගෙන ඌට ඒ නමින් කතා කරන්න කිව්වා..ඒ නම තමා ඩේමියන්...ඔයා ඒක දන්නවද නැද්ද මන්දා...ඌ ඔයා ගැන ගොඩක් බොරු දේවල් කිව්වා...ඔයා ටෲ බ්ලඩ් කෙනෙක් නෙවේ කිව්වා මගේ ඇල්ෆා....මන් ඒවා විශ්වාස කලේ නෑ....උගෙන් ගැලවිලා මන් දිව්වේ අපි හිටපු ගෙදර පැත්තට විරුද්ධ දිශාවට...අන්තිමට මාව උගේ බලකොටුව ඇතුලේ හිරවුනා....මන් පැනලා එන්න උත්සාහ කලා...මට ඔයාගේ සේවකයා රන්දුල උදව් කලා...එයා ඔයාගේ විශ්වාසවන්තයෙක් කිව්වා...පැනලා එන්න කලින් ඩේමියන් මට කැමැත්තක් පෙන්නපු නිසා...ම...මම...."

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now