🔥පනස්හයවන සඳ🔥

2.1K 367 464
                                    

දවසක් මම බලපු ෆිල්ම් එහෙක කොල්ලා කෙල්ලගේ ඔලුවට උඩින් ජැකට් එක අල්ලගෙන වැස්සෙම එයත් ඒක ඇතුලට ගියා....

ඒ රොමෑන්ටික් සීන් එක මතක් වෙච්ච මම කකුලේ ඇඟිලිතුඩු වලින් ඉස්සිලා ජැකට් එකෙන් අරයගෙයි මගෙයි ඔලු වහගන්නකොට තමා ලුසිෆර් ඇස් ඇරියේ

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ඒ රොමෑන්ටික් සීන් එක මතක් වෙච්ච මම කකුලේ ඇඟිලිතුඩු වලින් ඉස්සිලා ජැකට් එකෙන් අරයගෙයි මගෙයි ඔලු වහගන්නකොට තමා ලුසිෆර් ඇස් ඇරියේ.....මෙහෙම හිටියට මම රොමෑන්ටික් කොලුවෙක්....

"ජානූ මැණිකේ.....උබ මොකද මේ වැස්සේ තෙමෙන්නේ?....පොඩ්ඩක් නිදාගෙන රෙස්ට් කලා නම් හොඳ නැද්ද?...."

එයා මගේ මූණට එබිලා නෝක්කඩු කීවේ ටිකක් විතර අමනාපෙන්...ඔයාගේ ක්වීන්ට ඔයා නැතුව පාලුවෙන් හිටියා ඇති මගේ කින්ග්....මට රෙස්ට් එකේ ඉන්න ඕන තරම් කාලේ තිබ්බා...එයා එක්ක ගත කරන්න තියෙන මොහොතක්වත් අපතේ යවාගන්න හිතෙන්නේ නම් නෑ මට....

ඩෙනිම් ජැකට් එක ඔලුවට උඩින් තියෙන නිසා ඒක ඇතුලේ කලුවරට දිලිසෙන ලුසිෆර්ගේ දම් පාට ඇස් මාව වශී කලා...තෙමුනු ගොතපු කොන්ඩය...වතුරින් නෑවුන එයාගේ ඇබ්ස් මාව ආකර්ශනය කලේ මටත් හොරා....එයාගෙයි මගෙයි සිරුරු අතර පොඩි පරතරයක් තිබුනා...ඒ පරතරය ඇවිත් තිබ්බේ ඉදිරියට නෙරපු මගේ සූටි බංඩිගෙඩිය නිසා....

"ලුසිෆර් මහත්තයෝ......තෙමෙන්නේ නැතිවෙන්න තමයි ඔලුවට උඩින් රෙද්දක් එලුවේ.....ඔයාට විතරද තෙමෙන්න හොඳ?....ඔයා දැනටමත් තෙමිලා ඉවරනේ...."

මම ඇදලා පැදලා දත් හිරිවැටෙන කෝල බවකින් හඬ හීන් කරලා කියද්දී අරයගේ මූණ කජු ලෙල්ලක් වගේ වුනා...අපි දෙන්නටම බකස් ගාලා හිනා ගියා ඊට පස්සේ.....

එයා මාව වැලමිටකින් ඇදලා ලගට ගත්තාම ජැකට් එක අල්ලන් හිටපු මගේ අත් ඒ වටා තව තද වුනා...පෙර දැනුම්දීමකින් තොරවම එයා මගේ නලලේ ඉඳන් කිස් කරන්න පටන් ගත්තා....එයා මගේ ඉණෙන් අල්ලගත්තා මෘදුව....

Alpha Academy (Yizhan)✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin