🔥විසිඅටවන සඳ🔥

2.2K 420 532
                                    

මම දන්නේ නෑ මට මොනා වුනාද කියලා...මම මොකක්ද මේ කරන්නේ...පිස්සු මට...ෆීනික්ස් කොල්ලට තරහ ගිහින් මා එක්ක කතා කරන්නෙත් නෑ...එයා ලුසිෆර්ට කැමතී....එයාව ලුසිෆර් ලඟට ඇදිලා යනවා...මාවත් නොයනවා නෙවේ...ඒ මොනා වුනත් එයාගේ යක්ශ ගති එක්ක මට පුළුවන් පාලනය වෙලා ඉන්න...එයාට බෑ දැන්ම මාව මාර්ක් කරන්න...ආවාට ගියාට...මන් ලෑස්ති නෑ...මට බෑ ඒකට නම් එයාට ඉඩ දෙන්න කීයටවත්...

දුවලා ආවාත් හරි දැන් තමා මට තේරෙන්නේ සපත්තු වල රඟේ....උපරිම වේගෙන් දුවන් ආවාත් ගස් පඳුරු තියෙන තැන් වලදි මගේ වේගේ අඩු වුනා...එතකොට කකුල හිල් වෙලා යන්න කටු ඇනුනා...මාව ඇදගෙනත් වැටුනා....

මේවා දාගත්තට ගලවන්න අපිට අවසර නෑ....මේ හැම සපත්තුවක්ම ඇකඩමියෙන් ලොක් කරලා තියෙන්නේ...එයාලා ලොක් එක අරින වෙලාවට තමා ගැලවිලා යන්නේ...පුදුම කැක්කුමක් තියෙන්නේ...ලඟකදි ඉදලා මගේ කකුල් වලට අපල කාලයක් ඇවිත්ද කොහෙද..

ලුසිෆර් පස්සෙන් එනවද කියලවත් නොදැන යන්නේ කොහෙදවත් නොදැන මම වේදනාව අමතක කරමින් දුවලා ගියා...ශාරීරික වේදනාව විඳින එක ලුසිෆර් මාව මාර්ක් කරනවට වඩා හොඳයි...හීලෑ නැති වෙයාර්වුල්ෆ් කෙනෙක්ගෙන් නපුරු මෘග ගති මිසක් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?....

ටික ටික හිරු එළිය පායගෙන එන්න ඕන තරම් වෙලා වුනත් තාම කැලෑව ඝන කලුවරයි...ලුසිෆර් එයාගේ බලයෙන් කාලය පාලනය කරනවා ඇති...කළුවරේ මට ඇස් පෙනුනත් අඳුර වෙයාර්වුල්ෆ්ලට තර්ජන ඇති කරන්න පුළුවන් දවසේ වෙලාවක්....මට එයා එක්ක තරහයි....ෆීනික්ස් නම් ලුසිෆර්ට උඩින්ම කැමති...ලැජ්ජා නැති පොඩි ඇටයා....දැන් හ්ම් සද්ද නෑ...මිනිහව දාලා ආවානේ අපි දෙන්නා...මගේ මිනිහෙක් නෙවේ ෆිනීගේ මිනිහා....

මට ඇහුනා කවුරුහරි මගෙ පස්සෙන් එනවා....ලුසිෆර් වෙන්න බෑ....එයාගේ සුවඳ මට ආවේ නෑ....හැරිලා බලනකොට මන් වටේ හිටියේ විසාල රෝග් වුල්ෆ්ලා තුන් දෙනෙක් දත් විලිස්සගෙන...මන් දඟලන්නේ නැතුව කලබල නොවී නොසෙල්වී ඉන්නකොට උන් තුන් දෙනා කල්පනාකාරීව මට ලන්වුනා....ෆිනී මා ලඟ ඉන්නවා මට දැනුනා...මන් ඌට බැන්නට ඌ මගේ හයිය...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now