🔥හතලිස්අටවන සඳ🔥

1.9K 397 403
                                    

වටේ හිටපු ඇල්ෆලා චියර් කරන්න වගේ සද්දෙට කෑ ගහනකොට එතකොටත් අත් දෙක ඉණට තියාගෙන කටේ තිබ්බ සිගරැට් එකෙන් දුම් වලලු නංවමින් යිබෝ හිටියෙ වෙනස්ම කෙනෙක් වගේ....අද එයාගේ පෞරුෂයට වහ වැටෙන තත්වෙක නෙවේ මම හිටියේ.....

වටපිට බලනකොට ආච්චම්මාගේ මලසිරුර දියවෙන්නත් පටන් අරන් තිබ්බා...බලන්න බැරි තරම් පිලිකුලක් ඇතිවුනා...මට වමනෙට ආවේ නැතුවා පුදුමයි....භාසුරගේ මිනිය පේන්නවත් තිබුනේ නෑ...සමහර වෙයාර්වුල්ෆ් කොටස් මැරුණාම එයාලගේ අවශේෂ සිරුරු කොටස් වාතයට එක්වෙනවාලු...එයාටත් එහෙම වුනාද දන්නේ නෑ...

ඔයාට සුගතියක් මම පතනවා භාසුර...ඔයා හොඳ කෙනෙක් වග තේරුම් ගන්න මම පරක්කු වුනා....මන් වෙනුවෙන් ජීවිතේ කැපකලාට ස්තූතියි...මම ඔයාට සදා ණයගැතී.....කටින් කියාගන්න විදියක් නැතුව මම එකහිතින් ප්‍රාර්ථනා කලා....

දියවෙලා යන ආච්චම්මාගේ මලසිරුර වෙතට ආයෙම මගේ ඇස් යොමුවුනාම ඇස්වලින් නොනවත්වා කඳුලු ගලා ගියා...අඩුගානේ එයාව මැරුවේ ඇයි කියලවත් යිබෝ මට කිව්වා නම්...මන් ප්‍රාර්ථනා කලේම එයාට සාධාරණ හේතුවක් තියෙන්න කියලම විතරයි...එදා ඩොක්ටර් ලුවීව මරන්නත් හේතුවක් එයාට තියෙන්න ඇති...ඒ හේතු බොරු වුනොත් නැතිවුන ජීවිතයක් ආයෙම ගේන්න පුළුවන් කාටද?...ලුසිෆර්ට වගේ අමරණීය වෙන්න හැමෝටම වරම් නෑ.....

මෙහෙ ආපු ගමන නිසා විතරක් නම් එයාට ආච්චම්මාගේ ජීවිතේ උදුරගන්න හේතුවුනේ මට බෑ කින්ග්ට කවමදාවත් සමාවක් දෙන්න...කවදාවත්ම බෑ...ඒකෙන් අපි දෙන්නා අතර සම්බන්ධය නැතිවෙලාම යාවි.....ඔයා එයාට මෙහෙම අමානුශික දඬුවමක් දුන්නේ ආච්චම්මා බරපතල සමාව දෙන්න බැරි වරදක් කරලා තිබුන නිසා කියන එක කවදාමහරි මන් දැනගත්තොත් මගේ හිත යන්තම් හැදේවි...එහෙම නොවුනොත්?....

බෑග් එක බිම වැටුනාට පස්සේ මම අත් දෙකම බඩ හරහට දාගෙන මාවම බදාගෙන බිම බලන් හිටියා...යිබෝගෙන් ගුටි කාලා බේරුනොත් ඇති...දැන් පහුබහින්න බැහැ...අඩුගානේ එයා පරාද කිරීම කෙසේවෙතත් බඩට පහරක් වදින්නේ නැතිවෙන්න මම වග බලාගන්න ඕන...

ලුසිෆර් කියන්නේ දැන් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නෙවේ...කොච්චර ලොකු බලයක් අද වෙනකොට එයාට හම්බෙලා තිබුනත් ලේ ඉව කරලා තමන්ගේ දරුවා ආපු බව හොයාගන්න බැරිවුන එක නම් මහා අවාසනාවක්...අවාසනාවන්ත තාත්තෙක්...මගේ දිව අග රැඳුනු සතුටු පණිවිඩේ ඔයාට කියාගන්න මට ශක්තියක් නැතිවුනානේ යිබෝ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now