🔥හැත්තෑහයවන සඳ🔥

1.9K 325 497
                                    

මම හැරිලා බලනකොට ලියෝ පේනමානෙක හිටියේ නෑ...ඒ වෙනුවට හිටියේ ලුසිෆර්...එයා නිදාගෙන ඉඳලා නැද්ද?...මට විශ්වාසයි එයා තද නින්දේ හිටියේ මම ඇඳෙන් බැහැලා එනකොටත්....

එයා සෝෆා එකේ වාඩිවෙලා මා දිහා බලා හිටියේ දවා අලු කරන බැල්මකින්...එයා ඉස්සරහට වෙලා අත් බැදන් හිටියේ...ඒ නපුරු බැල්ම මන් එයාගෙන් දැක්කේ හුඟ කාලෙකට පස්සේ...

යටපත් කරන් හිටියාට ලෝකයක් දණගස්සවන්න පුළුවන් ආධිපත්‍යයක් පෞරුෂයක් එයාට තියෙනවා...එයා ආදරෙන් ඉන්න වෙලාවට ඒ පෞරුෂය යටගියාට මේ වගේ වෙලාවට ඒක මතුවෙන්නේ වතුර යට තියෙන රබර් බෝලයක් වගේ....

උගුරෙන් පහලට මම කෙළ පිඬක් යවාගත්තෙත් බයෙන් බයෙන්....මම ජනේලෙට වාරු වෙලා බිම බලාගත්තා....

එයා නැගිටලා මන් ගාවට හෙමින් හෙමින් අඩි තියන් එනකොට අද ඊයේ මා ගාව ආදරෙන් හිටපු ලුසිෆර්ට වඩා මට දැනුනේ මෙතන ඉන්නේ කේන්තිකාර කින්ග් ලුසිෆර් කියන එකයි....අද මන් ඉවරයි නේද කියලා හිතුනා....

"උබ ලියෝගෙන් ඉල්ලපු ඉල්ලීම මගෙනුත් ඉල්ලහන්...ආයේ කියපන් ඒක...ඌට පුළුවන් දේ මටත් පුළුවන්...ඊටත් වඩා හොඳට...මම නිදි කියලද උබ හිතුවේ?...උබ අවේලාවේ ඇදෙන් බහිනවා මට දැනුනා..මොකද උබේ ඔය මුද්ද වෙනදට වඩා දැන් ප්‍රභලයි....උබ මොකක්ද කරන්නේ කියන එක බලා හිටපු මට පෙනුනා උබ නටන්න ගිය වන්නම...ලියෝ සීසර් දෙන්නටම මට අවනත නොවී ඉන්න බෑ...උබට මම ආදරේ නාමෙන් දීපු බලය උබ අනිසි ලෙස පාවිච්චි කලා....උබ අද වැරදී....හුගාක් වැරදී ජානූ....මට හුගාක් කේන්ති ගිහින් තියෙන්නේ...."

බිත්ති දෙදරන්න තරම් ප්‍රභලව කෑ ගැහුවේ නැති වුනත් පහත් ස්ථීර හඬින් එයා කියපු ශෛලියට මාව ගැස්සිලා ගියේ ඔලුව උස්සලා එයා දිහා බලන්නවත් හයියක් නැති වෙද්දී...කාලෙකින් එයා ඉස්සරහදි දැනුනේ නැති බයක් ආයෙම මට ඇවිත්....මම ගොළු වුනා...වචනයක් වරදී කියලා මට ඇත්තටම බයයි....

එයා මගේ ලඟටම ආවා...අපි දෙන්නා අතර දුරක් නැති තරම්....එයාගේ කකුල් දෙක දිහා මන් බලා හිටියේ ඇස් දිහා බලන්න ශක්තියක් නැතුව....අද එයාගේ ලන්වීම මට මහා බරක්....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now