🔥පනස්දෙවන සඳ🔥

1.9K 376 406
                                    

"හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඬවනා කඳුලක් දිගේ
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

න්....නුඹ ළඟ නැතිදා......

හිත දුවනවා හැමතැන මගේ
නෙත පිරෙනවා සු....සුවඳින් ඔබේ
බ්...බැ...බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ ම....මට ඒ වගේ

නු...ඹ ළඟ නැතිදා.....

හි...හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
දවසක ඇවිත් ළඟටම මගේ
මො..මො...හොතක් හි....ඳින්නකෝ ඉස්සර වගේ

නු...නුඹ ළ....ඟ න්..නැතිදා..."

ඉකි ගහමින් සිංදුව මුමුණපු මට අන්තිම පද ටික කියාගන්න බැරිවුනා...මට ගැලපෙනම සිංදුවක්...මම ආසම සිංදුවක්...අද මට හිතට ලොකු වේදනාවක් ගේන සිංදුවක්.....

ලුසිෆර්.....නුඹ ලඟ නැතිදා උබේ ජාන් නැත්තටම නැතිවෙලා ගිහින් රත්තරන්!

විරහ ගීතයකටවත් සනසන්න බැරි තරම් ප්‍රභලයි මගේ දුක....හැමදාම ඕක වෙනවා මට...හේ..හේ...ජාන්ට සිංදු කියන්නත් බෑ...ලුසිෆර්ත් එක්කම ඒ පුන්චි හැකියාවත් නැතිවෙලා ගිහින්....

මට එයා නැතුව හුගාක් පාලුයි...එයාව මට ගෙනත් දෙන්නකෝ....ප්ලීස්...කවුරුහරි....එයාව මතක් වෙන වාරයක් වාරයක් ගානෙ මම ජීවත් වෙන්නේ කොහොමද?...

මොකක්ද මට මේ ලැබුණ අසාධාරණ දඬුවම?...මැරෙන්න හිතුනත් මැරෙන්න බෑලුනේ මට.....මැරෙන්න පුළුවන් කමක් තිබුනා වුනත් දරුවා හින්දා ඒක කරන්නත් බෑ.....විඳවීමකින් තොර ජීවිතයක් මට කවදා ලැබෙයිද???...

උගත්කම...ධනය...බලය...කීර්තිය...හැමදේම අද මා ගාව තියෙනවා....සැමියා....ආදරය සෙනෙහස කියන දේවල් මට අරවා විකුණලාවත් ගන්න බෑ....ආදරය ලැබෙන්න මගේ ලුසිෆර් ඉන්නවත් එපැයි....එයා ලගින් ඉඳපු කාලේ ආදරය කියාගන්න වුනේ නෑ...ආදරෙයි කිව්වට පස්සේ එයා ලඟ නැහැ....

ඒ මූණ දකින්න නැතුව මාස තුනක්ම ගෙවිලා ගිහින්....ෆොටෝ එකකින් හීනෙකින් හැර වෙන කිසිම විදියකට මා ලගට නොඑන්න තරම් හිතුවක්කාර ගමනක් එයා ගිහින්....මුරණ්ඩුයි කියලා මට බැන්නට වඩා එයා තමා මට වඩා මුරණ්ඩු.....නොකියම මාව ලමයෙක් එක්ක තනිකරලා කොහේදෝ ගිහින්....ඔයා යන්නම ගියාද දෙයියෝ?....

Alpha Academy (Yizhan)✅Dove le storie prendono vita. Scoprilo ora