🔥හැත්තෑහත්වන සඳ🔥

1.7K 344 438
                                    

එතන හිටියේ පුතා වුනත් එයා වෙනස් පෙනුමකින් හිටියේ....මට මගේම ඇස් අදහාගන්න බැරි වුනා...

යීෂූ ශිෆ්ට් වෙලා!....

මම දැක්කේ සුදු කළු පාට මික්ස් වුන හුරතල් පොඩි වුල්ෆ් කෙනෙක්ව...හරිම ලස්සන වෘක පැටියෙක්...

"අපේ ප්‍රින්ස් ශිෆ්ට් වෙලා ඒකත් වයස මාසයක් පහුවෙද්දීම...මට නම් ඇස් අදහාගන්න බෑ ලූනා....වාව්!! මේක නම් ආශ්චර්‍යක්ම තමා...."

මැක්ස් මන් ගාවට ඇවිත් කියනකොට මාත් හිටියේ මේක හීනයක්දෝ කියලා හිතමින්...

"මටත්...."

මම කට ඇරන් බලන් හිටියේ කරන දෙයක් හිතාගන්න බැරුව....පුතා විශේෂයි බලවත් කියන එක දැනන් හිටියත් එයාට මෙච්චර පොඩි වයසකදි වුල්ෆ් ෆෝම් එකට ශිෆ්ට් වෙන්න පුළුවන් කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ...

මම දන්න තරමින් ලුසිෆර් මුලින්ම ශිෆ්ට් වෙලා තියෙන්නේ එයාට වයස අවුරුදු තුනේදී හෝ හතරෙදි....මම මුලින්ම ශිෆ්ට් වෙනකොට අවුරුදු අටකුත් පහුවෙලා මට...මට ෆීනික්ස්ගේ තත්වය නිසා ශිෆ්ට් වෙන්න කොහොමත් මුල ඉඳන්ම ප්‍රශ්න තිබ්බානේ....

මම පොඩ්ඩා ගාවට දුවලා ගියා...එයා වලිගේ වන වන දුවනවා එහාට මෙහාට...එයාට තාම වුල්ෆ් ෆෝම් එක කන්ට්‍රෝල් නැති පාටයි....මැක්ස් ෂෙවෝන් වගේම අපිට උදව්වට ඇවිත් හිටපු අනික් ඇල්ෆලාත් අත්පුඩි ගගහා එයාට සපෝට් කලා...කොයි පෙනුමෙන් හිටියත් කොල්ලගේ දඟ ගති අඩුවෙලා නම් නැහැ...

මාව දැකපු පුන්චි වුල්ෆ් පැටියා මම එයාට ලඟට එන්න කියලා ඉඟි කලාම දුවලා දුවලා ඇවිත් උකුලට පැන්නා....මම හරි ආදරෙන් එයාගේ ඔලුව අත ගෑවා...එයාගේ හම සනීපයි....

මට එයා වුල්ෆ් ෆෝම් එකෙන් ඉන්නවා දැකපු ගමන්ම කෑ ගැස්සුනේ ඒක මම මේ වෙලාවෙදි දකින්න කොහෙත්ම බලාපොරොත්තු වුන දෙයක් නොවූ නිසයි....

එයා කූන් කූන් ගෑවා මම ඔලුව අතගානකොට....මම දන්නේ නෑ වචනයක් කතා කරගන්න බැරුව ඉන්න පොඩි එකා එයාගේ වුල්ෆ් එක්ක කොහොමද කනෙක්ට් වුනේ කියලා...සමහරවිට ලුසිෆර්ට ඒ ගැන තේරෙයි එයත් අඩු වයසකින් දස්කම් පෙන්නපු ඇල්ෆෙක් නිසා....

Alpha Academy (Yizhan)✅Wo Geschichten leben. Entdecke jetzt