🔥තෙවන සඳ🔥

2.3K 429 299
                                    

මට දැනුනේ කාලය මොහොතකට නතර වුනා වගෙයි...කාලය විතරක් නෙවේ ලෝකයත් මගේ වටේ නතර වුනා...මගේ කන් වලින් ගිනි පිටවෙන්න පටන් ගත්තා වගේ මට දැනුනා හිතට ආපු ආවේගයටම...මගේ හෘද ස්පන්දනයත් ඒ එක්කම වේගවත් වුනේ නහර දිගේ කේන්තියෙන් කැලතුන උණු ලේ ගමන් ගන්න පටන් ගත්තු නිසයි...අත්ලට දාඩිය දැම්මා...මම තද කරලා අර ලියුම අල්ලගත්තේ එතන ඉන්නේ මට ලියුම එවපු ඇල්ෆා කින්ග් කියලා හිතාගෙන....

කොහොමද එහෙම වුනේ?....මම ඇකඩමියට උඩින්ම සිලෙක්ට් වෙන්න මට කරන්න පුළුවන් හැමදේම කලා...හැමදේම කීවේ හැමදෙයක්ම....මම කිසි විෂයක් ෆේල් වුනේ නෑ...හැමදාම පලවෙනියා වුනා..දෙවෙනිය වුන කෙනාට වඩා ලොකු ගැප් එකකින් තමා හැමදාම මම ලකුණු ගත්තේ...ඒකත් හැම විෂයකින්ම...හැම ටර්ම් එකකදීම...තව මම ෆුට්බෝල් ප්ලේ කලා...තරඟ දින්නා....විවාද තරඟවලට පවා ගියා අකමැත්තෙන් වුනත්...රටේ තියෙන හැම මඟුල් සංවිධානයකටම බැඳුනා...කොච්චර වෙහෙස දැනුනත් පුලුවන් හැම ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකක්ම කලා...කලා විතරක් නෙමේ ඒවායින් රන් පදක්කම් පවා දින්නා...ඉතින් මම කොහොමද සුදුස්සෙක් නොවෙන්නේ?...ඇයි හැමදාම මම හොඳ මදි එකෙක් වෙන්නේ???...මම හොඳයි ඒත් මදී...

මගේ ජීවිතේ හොඳම කොලු කාලේ පහුගිය අවුරුදු පහම මන් ගත කලේ ලොකු කැපකිරීම් එක්ක...නොකා නොබී මහන්සි වෙලා පොඩි රස්සාවල් කර කර...හරියට නින්දක් නැතුව...සුලුපටු දුකක් නෙවේ මේ ජාන් වින්දේ...ඒ ඔක්කොම කලේ අන්තිමට මේ ටික අහගන්නද?....ඔක්කොම ගඟට ඉනි කැපුවා වගේ වතුරේ ගහගෙන ගියා එහෙනම්....නියමයි...ලියුම දැක්ක ගමන් උඩ පැනගෙන හිටියට ඒක රෙජිස්ට්‍රාර් කිව්වා වගේ ලියමනක් වෙයි කියලා තුන් හිතකින්වත් මට හිතුනේ නෑ....අවාසනාවද කරුමෙද...මොකක්ද මම මේකට කියන්නේ....

මම කොන්ඩේ ඇදගෙන ඇස් රතු කරගෙන සෝෆා එක උඩට වැටුනා...කලින් සෝෆා එකට වැටෙනකොට මගේ ලඟ තිබ්බ නිදිමත කොහෙන් ගියාද නෑ....අහලකවත් නෑ මගේ තිබ්බ නිදිමතයි මහන්සියයි...මම කරපු හැමදේම වතුරේ...අවුරුදු පහක මහන්සිය ඔක්කොම ඉවරයි...දැන් කරන්න තියෙන්නේ ටෲ බ්ලූ කොලේජ් එකෙන් ඩිග්‍රිය අරන් එලියට බහින එක විතරයි....මම කල්පනා කලා කකුලක් පිට කකුලක් දාගෙන නොසන්සුන්ව කකුල් හොලවන ගමන්...ඉවසීම බිංදුවට බහිනකොට මගේ හැසිරීම අමුතුයි...අනික මම අඬන්න ලෑස්ති නෑ...කොච්චර දුක් වින්දත් මම පහුගිය අවුරුදු පහේ කඳුලු හලලා තියෙන්නේ එක පාරයි හෝ දෙපාරයි...ඒකත් අම්මා මතක් වෙලා...මම දුක් වේදනා නිසා අඬලා වැලපිලා ඒක එතනින් ඉවර කරන ජාතියේ එකෙක් නෙවේ...ඇල්ෆා ලේ තියෙන එකෙක් මම...මට ඕන දිනන්න...මම ලේසියෙන් පරදින්නේ නෑ....මේකෙදි ලේසියෙන් තියා අමාරුවෙන්වත් මම පරදින්නේ නෑ....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now