🔥හැටපස්වන සඳ🔥

1.7K 349 737
                                    

අපි පස් දෙනා කුස්සියට සම්බන්ධ ඩයිනින් රූම් එකේ රවුම් මේසයක් වටා වාඩිවෙලා හිටියා...ආතල් මූඩ් එහෙක මන් හිටියට අනික් එවුන් හතර දෙනාගේ මූණුවලින් පෙනෙන්න තිබුනේ මරන්න ගෙනියන සත්තු හතර දෙනෙක්ගේ පෙනුම...ඇයි යකෝ මන් මුන්ට ඩිනර් එකක් දෙන්න යද්දී මුන් මළගෙදරක ගිහින් වගේ ඉන්නේ?....මේක අවසන් භෝජන සංග්‍රහය නෙවේනේ....

අනික් කොල්ලෝ සෙට් එක බරටම වෙජි කේක් හදනවා පේනවා මට මෙතනට..රන්දුල උගේ ජොබ සීරියස් අරන්...ඌටත් ලකුණු ටිකක් දාගන්න ඕන වෙලාද මන්දා...ඌ දක්ෂයා කොට වුනාට....

අරුන්ට කේක් හදන්න කිව්වා වගේ නෙවේ ඔච්චර කේක් තොගයක් මොකාද දැන් කන්නේ?....ම්ම්ම්ම්..ඇල්ෆා මෙම්බර්ස්ලට එන්න කියලා දෙන්න ඕන..මන් කියන ඕනම දෙයක් උන් කරන්න බැඳිලනේ ඉන්නේ..ඉතුරු වුනොත් ෆ්‍රිජ් එකේ දාලා ලුසිෆර්ට තියන්නත් බැරියැ නේහ්....එයත් කොහෙ කොහෙ ඇවිදලා එනවද කවුද දන්නේ....

අපි හිටපු මේසේ ඉතා සාමකාමී...මන් ඇස් යැව්වා හතර දෙනා දිහා බලමින්...මැක්ස්ගේ මූණ දෙක වෙලා..ෂෙවෝන් මේසේ මැද තිබ්බ වැම්පයර් බ්ලඩ් බොට්ල් එක බලාගෙන පිලිකුල් භාවනාව වඩනවා...

ෂූයෑන්ග් අත් දෙක එකට බැදන් මාපට ඇගිල්ලෙන් අත් උඩ රටා මවනවා..එයාගේ ඇස් කලබලයි.නොසන්සුන්....බිනුත් අර බෝතලේ දිහා බලාගෙනම ඉන්නවා...මිනිහා ඇස් පිය ගහනවද කියලත් මට ශුවර් නෑ...ලේ බෝතලයක් දැකලා මුන්ට ඇතිවුන ආතතිය බලහල්ලකෝ...ඇල්ෆලා කියන නමටත් ලැජ්ජයි.....

"උදේ එලි වෙනකම්ම මේ බෝතලේ දිහා එක දිගටම බලා ඉන්නද උබලා හදන්නේ?..."

මන් මේසෙට අත් දෙකෙන්ම ගහලා කියනකොට පරමාණු බෝම්බයක් ලගට වැටුන ගානට මුන් ටික උඩ ගියා...

ඔන්න එතකොටයි මන් උන් හතර දෙනා දිහා බලා ඉන්නවා කියන එක උන්ගේ මොලේට වැටුනේ...මන් දත් ඔක්කොම එලියට දාලා හිනාවුනා...උනුත් හිනා නොවී බැරිකමටම ලාවට හිනාවුනා...

බින්ව නතර කරගත්තට පස්සේ අනික් තුන් දෙනත් බොරු හේතු කියලා පනින්න බැලුවා...ඒවා වානා මේ ජාන් එක්ක...ඒ නිසා උන්ට සිද්ද වුනා නතර වෙන්න...අකමැත්තෙන් හරි....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now