🔥තිස්පස්වන සඳ🔥

2K 393 281
                                    

මම හවුස් එක පැත්තට දුවන් යනකොටත් කල්පනා කලේ නාශ් එක්ක යනවද නැද්ද කියලා...නාශ් ගැන අමුත්තක් මුල ඉදන් මට දැනිලා තිබ්බත් ඒක නරක විදියේ අමුත්තක් නෙවේ...අනේ මන්දා මගේ යටිහිත කියනවා මට එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා.....මේක මට එයා කීප සැරයක් කියන්න හදපු එකක් නිසා මම ඒක දැනගන්න අවශ්‍යයි කියලා හිතුනා....

මම කින්ග්ව බැන්ද දවසේ ඉදන්ම එයා අකමැති එයාට විරුද්ධ වැඩක් කරලම නැහැ....අද මම කරන දේත් එයා නොදැනගත්තොත් ප්‍රශ්නයක් නැහැනේ.....මම නාශ් එක්ක යන්නයි මේ හදන්නේ...මට කුතුහලය උපරිමයි....මම වැරදිද හරිද දන්නේ නෑ....ලුසිෆර්ට ආරංචි නොවී මට ඕන දේ දැනගන්න පුළුවන් නම් අවුලක් නෑනේ...රැවුලයි කැඳයි දෙකම බේරගන්න මම මේ හදන්නේ....

මම හවුස් එකට යනකොට හොඳ වෙලාවට මට බින්වවත් ෂූයෑන්ග්වවත් මුණ ගැහුනේ නෑ....මම කාමරේට දුවලා ගිහින් මාලේ ගලවන්න හැදුවා...මේක තියලා ඉන්න කීවනේ නාශ්...මාලේ දාගෙන ගියා කියන්නේ ජාන් ඉවරයි කියන එක...

මම මාලේ ගලවන්න ගාංචුවට අත තියනකොටම මට බෑ බෑ වගේ හිතුනා...යිබෝ මේ මාලේ බෙල්ලට දැම්මේ ගලවන්න එපා කියලා...මගේ ආරක්ෂාවට...මම දැන් මේක ගැලෙව්වොත් ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා...ලුසිෆර් යකා වෙනවා...නාශ් මට කියන්න හදන්නේ මට වැදගත් වෙන ඇත්තක් වුනත් මට බෑ එයා එක්ක යන්න...ඒක වැරදී...මගේ හිතුමතේට වැඩ කරලා බැටකාපු අවස්ථා ඕන තරම් තියෙනවා ...තවත් නම් බෑ....ලුසිෆර්ගේ හිත දිනාගන්න මට තියෙන එකම එක චාන්ස් එකක් පවා මේකෙන් ඇහිරෙන්න පුළුවන්....

හිතත් එක්කම වාද කරගත්තු මම අන්තිමට තීරණයක් ගත්තා නාශ් එක්ක යන්නේ නෑ කියලා...නාශ්ව ඇකඩමියෙන් එලියට යැව්ව හේතුවවත් මම තවම දන්නේ නෑ...නාශ් වගේ වෙස් වලාගෙන ආයෙම ඇවිත් තියෙන්නේ ලයිකන් කෙනෙක් නම්...එහෙම වෙන්නත් බෑ හැබැයි..එයාගේ ලඟින් වෙයාර්වුල්ෆ් ස්මෙල් එකක් ආපු නිසා...යිබෝගේ උපන්දිනේ ලඟ ලඟම එනවා...අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තොත් ඒකෙනුත් මටම තමා කරදර වෙන්නේ...

අම්මා වුනත් මට හුගාක් දේවල් හැංගුවා කියන එක දැන් තමයි තේරෙන්නේ...අම්මා ගැන මගේ අතීතය ගැන දැන් හොයන්න දිව්වොත් ඒකෙන් මගේ වර්තමානෙයි අනාගතෙයි දෙකම අවුලෙන් අවුලට පත්වෙනවා.....එහෙම කරගන්න බෑ....කින්ග්ට කීකරු වෙලා ඉඳලා බලන්න ඕන මම....

Alpha Academy (Yizhan)✅Tempat cerita menjadi hidup. Temukan sekarang