🔥පනස්හතරවන සඳ🔥

2K 396 596
                                    

ලුසිෆර් හෙවත් රෙඩ් ඩෙවිල්ගේ හඬට බයෙන් වෙව්ලලා ගිය මම එයා ගාවට අඩියක් තියනවද නැද්ද හිතමින් ලතවුනා...ඇත්ත බොරුව හොයාගන්න අමාරු ඇස් බැන්දුම් ගේම් එකක් ඇතුලේ ඉන්නවා වගේ හැඟීමක් දැන් මට තියෙන්නේ....

ඒ විතරක් නෙවේ....බින් කීවත් ලුසිෆර් දරුවාට නරකක් කරයි කියලා මට කීයටවත් හිතෙන්නේ නෑ එයා එහෙම කරයි කියලා....මේ එයාගේ ලේ...එයාගේ උරුමක්කාරයා......නොදැනුවත්ව හිටියත් බෑ එයාට දරුවාව මගෙන් උදුරගන්න...මගෙන් විතරක් නෙවේ එයාගෙන්වත්...මම ඒකට ඉඩ තියන්නේ නෑ...එයා එක්ක යුධ වදින්න වුනොත් දරුවා වෙනුවෙන් මම ඒකත් කරනවා....

මේ ශාපය වචනයේ පරිසමාප්තියෙන්ම ශාපයක්ම තමයි..ඒකෙන් බැට කන්නේ කින්ග්ම විතරක් නෙවේ.....මම...දරුවා...ඇකඩමිය..අපි හැමෝම....

එයා කට කොනින් හිනා වේගෙන මගේ ලඟට ආවා....ඒ සුපුරුදු හිනාවට මට මොකක්දෝ වෙනවා...එයා මොන වගේ හිටියත් මාව එයාට ආකර්ශනය වෙන එක වලක්වන්න බෑ...ඒ මොනා වුනත් ආදරයත් ඒ ආකර්ශනයට මුහු වෙලා හමාරයි.....ඉතින් මාව එයා ගාවට ඇදිලා යනවා ගිනිදැල්ලට ඇදෙන පලඟැටියෙක් වගේ.....

මට වේගෙන් හුස්ම ගැනෙන්න පටන් ගත්තෙත් හිතලා වගේ....ඒ තරම්ම් මට මාවම දැනුනා....මම ෂර්ට් එකේ කෙලවරක් මිරිකගෙන හිටියා...එයාර්පෝර්ට් එක ඇතුලට දුවන් එනකොට අපි තෙත බරිත වෙලා හිටියට මෙතන තිබ්බ අමුතු සිහිල් සුලඟට ඇඳුම් වේලිලා ගිහින් තිබ්බා....

මම ඇඳන් ආවේ බැගී ෂර්ට් එකක් නිසා බඩ පේන්නේ නැතුව ඇති කියන එක මට විශ්වාසයි...බින් ලුසිෆර් ලමයට කරදරයක් කරයි කියලා කියපු දේ මට විශ්වාස නොවුනත් හිතේ තිගැස්මක් දෙගිඩියාවක් ඇති නොවුනා කියන්න බෑ....එයා කියපු දේවල් මගේ අවාසනාවට හරි ඇත්ත වුනොත් එහෙම......

ලුසිෆර්ගේ පිලිම හමුදාව පණ නැති පිලිම ටිකක් වගේ ඉන්නවා පෙනුනා...උන්ගේ පණ ගිහින් වගේ.....

ඇස් වල රතු පාට.... මූණේ වැඩියෙන් පේන නපුරුකම.... ඇඳුම් පැලඳුම් වල කොණ්ඩ විලාසිතාවේ වෙනස හැරුණ කොට මේ ඉන්නේ මගේ කින්ග් කියන එක මට හොඳටෝම දැනෙනවා...එයාගේ සුවඳ උණුසුම මට පුරුදු දෙයක්.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now