🔥විසිහයවන සඳ🔥

1.9K 412 311
                                    

ෂූයෑන්ග් කියපු දේත් එක්ක මාව ශොක් වෙලාම ගියා...කින්ග් එක්ක කතා කරන එක එක දෙයක්....ඒත් ලුසිෆර් ඉන්න තැනක ඒක කරන්න මට බෑ....යිබෝ ලියෝ සීසර් ඕන කෙනෙක් මට ඔට්ටුයි....ඒත් ලුසිෆර් එක්ක බෑ...එකම එක වතාවයි එයා මා ඉස්සරහට ආවේ...එයා මගේ හිතට බලපෑම් කරපු වග සත්තයි...

එහෙම වුනත් එයා ඉන්න තැනක කොන්ද කෙලින් තියන් කතා කරන්නවත් මට පණක් නෑ....මට ආත්ම ශක්තියක් නෑ...කාටවත් බය නැති නැවෙන්නෙ නැති ජාන් බය වුනේ කින්ග්ට විතරයි...ඒ බය වැඩි කලේ ලුසිෆර්...මම නොකියා ගියපු එකට අනික් තුන්දෙනා වුනත් මට සමාවක් දෙන එකක් නෑ....ඉතින් ලුසිෆර් වගේ බීස්ට් කෙනෙක්ගෙන් සමාව බලාපොරොත්තු වෙන එකත් මහ මෝඩකමක්.....

එයා දැන් ඉන්නවා ඇත්තේ කේන්තියෙන්...මේ දෙන්නා වුනත් එයාව නිවනවට වඩා අවුලලා ඇත්තේ....මම දැන් එයා ලඟට ගියොත් එයා කේන්තිය ඉස්සර කරගෙන මට බනී...බනීද ඊටත් වඩා දෙයක් කරයිද මම දන්නේ නෑ...ලුසිෆර් ආපු වේගෙට ආයේ යන්නත් පුළුවනි...ඒක නිසා මම එයා ඉස්සරහට දැන්මම නොගිහින් ඉන්න එක ඇඟට ගුණයි....

බෑග් එකත් කරේ දාගෙන ආපිට නැගිටපු මම අර දෙන්නා දිහාවට හැරුනා...

"මට මෙහෙම හඩුවට කින්ග් ලඟට යන්න බෑ...මම හොස්ටල් ගිහින් පස්සේ එන්නම්...."

බින් ෂූයෑන්ග් දෙන්නා මට පිස්සු හැදීගෙන එනවද අහන්න වගේ බැල්මක් දුන්නා...මේ යන විදියට පිස්සු හැදෙන එක විතරමයි අඩු.....අද ගමනත් කිසි තේරුමක් නෑ...ගිය වැඩ දෙකෙන් එකක්වත් කරගන්න වුනේ නෑ...කොහේවත් යන රෝගෙක් මගේ කකුලත් හීරුවා...මට වුනේ නටපු නැටුමකුත් නැති වෙලා බෙරේ පලුවකුත් නැතිවුනා වගේ දෙයක්....දැන් ලුසිෆර් ලඟට ගියොත් වෙන්නේ අනික් පලුවත් නැතිවෙන එක....

"ජාන්!!! ඔයා හොඳ සිහියෙන්ද ඉන්නේ?...දැන් යන්න...එයාව මුන ගැහෙන්න පහුවෙන තරමට ප්‍රශ්න වැඩිවෙන්න පුළුවන්...."

එයාලා එහෙම කියන්නේ මාව බය කරලා තියාගන්න...ඒත් මට බෑ සෙන්ට් එකත් වෙනස් වෙලා තියෙන අස්සේ ඔතනට යන්න...මතකනේ එරික් එදා මාව තුවාල කරපු දවසේ සීසර් වුල්ෆ් ෆෝම් එකෙන් ඇවිත් මාව හපලා එරික්ගේ ස්මෙල් එකයි මාව එරික් නිසා මාර්ක් වෙන එකයි වැලැක්වූවා.....බෑ...බෑ....මට යන්න බෑමයි....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now