🔥පනස්එක්වන සඳ🔥

2K 397 388
                                    

පනස්වෙනි චැප්ටරේ නොටිෆිකේශන්ස් අවුලක් තිබ්බ නිසා සමහර අයට ඒ කොටස මිස් වෙලා තිබ්බා...ඒ නිසා ඒක බලලා එන්න මුලින්ම 😍 නැත්තම් ඔයාලව කන්ෆ්‍යුස් උන්ගා බුන්ගා වෙයි...

ඇල්ෆා ඇකඩමි දෙවන අදියර මෙසේ ආරම්භ වෙන වගයි....

තුන් මසකට පසු (Author's POV)

කාලය ගත වුනේ ඇසිපිය ගහන වේගෙන්....මාස තුනක්ම ගෙවිලා ගියා ලුසිෆර්ගේ වේදනාත්මක් සමුගැනීමෙන් පස්සේ...එදායින් පස්සේ ඇකඩමිය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා....හුගාක් දේවල් වෙනස් වුනා....

නැවත හමුනොවෙන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...🎶

ඒ ගීතය ඇහුනේ ඇල්ෆා රැජිණ ජාන්ගේ කාමරෙන්...ඒක ඉවර වෙනවාත් එක්කම ෆෝන් එකක් කුඩේ කුඩු වෙනවා ඇල්ෆා හවුස් එකේ ඉන්න අයට ඇහුනා...මාස තුනක් තිස්සෙම සිද්ද වෙන මේ දේවල් ඇල්ෆා හවුස් එකේ මෙහෙකාරයන්ට නම් අලුත් දෙයක් නෙවේ...විරහ ගීත අහනවා වගේම ඒවා දරාගන්න බැරුව අඬ අඬා බඩු පොලොවේ ගහන එකත් ජාන්ගේ දින චර්‍යාවේ කොටසක්...

හැබැයි එයා අඬනවා ඇහුනත් කාමරේ දෙක කරනවා ඇහුනත් ඇකඩමියේ කිසිම කෙනෙක් ඉස්සරහ එයා ඇඬුවේවත් දුර්වලතාවයක් පෙන්නුවේවත් නෑ.....අනික් හැමෝම ඉස්සරහදී එයා දක්ෂ පාලකයෙක්...රැජිණක්...සීතල දරදඬු ගති පැවතුම් තියෙන ඇල්ෆා කෙනෙක්....වෙනස්ම පුද්ගලයෙක්....

ඇල්ෆා කින්ග්ගේ අකල් සමුගැනීමෙන් පස්සේ ඇකඩමියේ සම්පූර්ණ බලතල ජාන්ට පැවරුණා...ජාන් ලඟින්ම ෂූයෑන්ග් බින් දෙන්නා හිටියත් ජාන් ඒ දෙන්නාට ලොකු ලෙන්ගතුකමක් පෑවේ නම් නැහැ....ඒ වුනත් ඒ දෙන්නා කින්ග්ට සහයෝගය දක්වපු විදියටම ක්වීන්ටත් සහය වුනා.....

ජාන් ඇකඩමියේ පාලනය අතට ගත්තාට පස්සේ ඇකඩමියේ කටයුතු වෙනස් වුනා විතරක්ම නෙවේ වන්ග් ෂියාඕ ජාන් කියන ඇල්ෆා රැජිණත් මුළුමනින්ම වෙනස් කෙනෙක් බවට පත්වුනා...හිතාගන්න බැරි තරම්....එයාට හුගාක් තරහා යනවා...පිලිවෙලට වැඩ නැත්තම් යක්ශයා ආවේශ වෙනවා....එයා ඇකඩමිය පුරාවට අලුත් නීති දාලා තියෙන්නේ...

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now