🔥හතලිස්හයවන සඳ🔥

1.8K 399 344
                                    

මම දිව්වා...පරක් තෙරක් දිශාවක් නොදන්න කැලේ පණ කඩාගෙන උපරිම වේගෙන් දිව්වා...අරූ පස්සෙන් එනවද කියලා බලන්නේ නැතුවම මම දිව්වා...මට දැන් ඕන උගෙන් ගැලවෙන්න....එරික් මේ වගේ එකෙක් කියලා මම හිතුවෙම නෑ කොච්චර බලු වුනත්....දුවන් යද්දී මගේ අත පය හීරිලා ගියා ගස් මුල්වල වැදිලා.....

මගේ ඇඟ ඌ බෙල්ල ඉඹින වෙලේ දුර්වල වුනා කියලා දැනුනා...ඒ වුනත් එරික්ගේ ඔලුවට ගහලා එන්න තරම් මට කොහෙන් ශක්තියක් ආවාද මන්දා...මටම හිතාගන්න බෑ...දුවන්න පුළුවන් වුනා මට උපරිම වේගෙන්...වෙනදා වගේම...අසනීප ගතියක් මට තියෙනවා කියලා මම කලින් බොරුවට බය වෙලාද කොහෙද....ඇඟ ඇතුලෙන් ලොකු ජවයක් ආවා මට...ඒ ෆීනික්ස්ගේ බලපෑමක් නම් නෙවේ...වෙනස් ජවයක්.....

උපරිම වේගෙන් දුවලා ගල් ගුහාවක් ලගට ඇවිත් මම හති අරින්න පටන් ගත්තේ ඒ සීතල ගල් තලාවට පිට දීගෙන...අරූ එන පාටක් පේන්න තිබ්බේ නෑ.....දඩිබිඩි ගාලා බෑග් එකෙන් මාලේ අරන් බෙල්ලට මම දාගත්තේ එවෙලේ....ඒක දාගන්න පරක්කු වැඩිද දන්නෙත් නෑ...යිබෝ ලඟ ඉන්නවා වගේ හැඟීමක් මට මාලේ දැම්මට පස්සේ දැනුනා....ෆෝන් එක අරන් බලනකොට චාර්ජ් බැහැලාම ගිහින් තිබ්බා...කරදර එනකොට එන්නේ එක පිට එක.....

එරිකා හපපු බෙල්ලේ හරිය අතගාලා මම බැලුවා ලේවත් එනවද කියලා...බෑග් එකේ තිබ්බ පොකට් මිරර් එකෙන් බලනකොට මට පෙනුනා එතන තද කොල පාට වෙලා තියෙනවා...කොල පාට වුන එක නම් අමුතුයි....වෙන මොකුත් වෙනසක් තිබුනේ නෑ....මේට් මාර්ක් එකෙත් වෙනසක් නෑ....වෙනදා වගේම රත්‍රන් පාටින් දිලිහෙනවා...

අසූ හාරදාහට හාට් බීට් එක වැඩිවෙලා...වෙන එකෙක්ගේ හුලගක් හුස්මක් මට වැදෙන එක නොඉවසනවා කියපු ලුසිෆර් මේ වගක් දැනගත්තොත් මට මොනවා කරයිද කියන එක ගැන හිතන්නත් බය හිතුනා....එයා මේ පාර නම් ඉවසන එකක් නෑ...මාව බේරගන්න මූන් ගොඩස්ටවත් බැරිවේවි.....

ආච්චම්මාත් එක්ක මම මේ ගමන ආවේ හිතුවක්කාරකමකට නෙවේ...මගේ පවුලේ අය එක්ක ගනුදෙනු කරන්න තහනමක් මට නෑනේ යිබෝගෙන්..අනික බින් පවා මට අවසර දුන්නනේ....බින් මගේ පැත්තට කතා කරයි...හිතින් නිදහසට කරුණු කාරණා මම හිතන්න ගත්තේ වටපිටාවේ අඳුර ගැන විමසිලිමත් වෙන ගමන්මයි....අඳුරේ ඇස් පෙනුනත් කලුවරේ සැරිසරන ඇසට නොපෙනෙන අනතුරු බොහොමයි.....

Alpha Academy (Yizhan)✅Where stories live. Discover now