🔥විසිදෙවන සඳ🔥

2K 408 327
                                    

"ජාන්! නවත්තපන් ඔය කතාව මම උබේ කණට දෙකක් ගහන්න කලින්..."

කණ ලඟින් ඇහුන ඒ හඬට මාව ගැස්සිලා ගියේ ලියෝගේ මෘදු ගතිය එසැනින් වෙනස් වෙද්දී.....

ලියෝ මා දිහා කේන්තියෙන් බැලුවේ එතන හිටියේ ලියෝද කියලාවත් මට හිතාගන්න අමාරු කරලා...එයා මගේ ගෙලෙන් අයින් වුනේ මගේ අත් කකුල් එයාගේ අත් වලින් මට රිදෙන්නම එයාගේ ඇඟෙන් අයින් කරලා...එයාගේ රතු ඇස් කෝපයෙන් දිලිසුනා...මම ලියෝ එහෙම තරහ ගන්නවා දැකලම නෑ....ඉස්සෙල්ල හිටපු සොෆ්ට් ලියෝ කොහෙන් ගියාද මන්දා...එයාට මොකද වුනේ?...මාව මාර්ක් නොකරන්න හිත හදාගත්තාද එයා?...

"හොඳටම ඇති....උබට ඕන ලුසිෆර්ව මෙතනට ගෙන්න ගන්නද?....උබ ඒකට ලෑස්තිද ජාන්?...."

එයා සද්දෙන් කියනකොට මම කලේ එයා දිහා බලා ඉන්න එක...ඇයි එයා වෙනස් වෙලා?....ලුසිෆර්ගේ නම ඇහෙනකොටත් මගේ ඇඟේ හිරිගඩු පිපුනා.....ෆීනික්ස් නම් ඒ නම ඇහෙනකොටත් සතුටු වෙනවා මට දැනුනා...එකම කෙනෙක් ගැන අපි දෙන්නට ඇයි හැඟීම් දෙකක්....ලුසිෆර්ට හැරෙන්න අනික් කාටවත් ලොකු ප්‍රතිචාරයක් ෆිනී කොල්ලා නොදක්වන පාටයි...දවසක එයාම ඒකට මට ඒකට හේතු කියයිනේ....

"ම---"

මම එයාට නිදහසට කරුණු කියන්න මුව විවර කලා...නෑ එයා මට කියන්න දුන්නේ නෑ.....එයා මගේ ඇඟෙන් අයින් වුනාම මම මේසේ උඩ වාඩිවුනේ පුදුම වෙලා...පණ්ඩිතකමට මම එයාගේ වෙන්න ඕන කීවේ හැඟීම් වලට යටවෙලා මිසක් මට ඒක හිත හදාගෙන කරන්න පුළුවන් කමකට නෙවේ...මම එහෙම කලොත් යිබෝගේ අනික් ස්වරූප වලට අසාධාරණයක් වෙනවා...මම දන්නේ නෑ...මට තේරෙන්නේ නෑ දෙයියනේ....

ලියෝගේ මෘදු මොලොක් ගති මාව අවුල් කරනවා...තුන් හතර දෙනාම එක්කෙනෙක් වුනත් පොඩි කාලේ ඉදන් දුක් විදලා ගුටි කාලා හැදුන මට ලියෝ කියන්නේ කතරට වැටුනු වැහි බිංදුවක් වගේ...එයා පැත්තට ඇදෙන එක.... අනික් තුන් දෙනාට වඩා ලියෝ කියන පෞරුෂයට ආකර්ශනය වෙන එක ආත්මාර්තකාමීකම වෙන්න ඇති...අසාධාරණත් ඇති....මම කිව්වේ මට දැනෙන සත්‍ය හැඟීම....

"උබ දන්නවද උබ ඒ කිව්වේ මොකක්ද කියලා?...ඒකේ බරපතලකම උබ දන්නවද ජාන්?..."

Alpha Academy (Yizhan)✅Donde viven las historias. Descúbrelo ahora